විදුහල්පතිවරයකු මවක් සමග ඇතිකරත් ආරවුලක් දුරදිග යෑමෙන් දරුවන් තිදෙනා පාසලෙන් ඉවතට

625

මවක් සමග ඇතිකර ගත් ආරවුලකින් අනතුරුව එම මවගේ දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දෙමවුපියන් පිරිසක් ඊයේ (11දා) අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටට පැමිණ තම විරෝධතාවය පළ කර සිටියහ.

එම දරුවන් උදෑසන ආහාර ගනිමින් සිටියදී එම විදුහල්පතිවරයා තමන් ඉදිරිපිටදීම එම දරුවන් පාසලෙන් එළියට දැමූ බවත්, නාම ලේඛනය ගෙන නම් කපා දමන ලෙසට එක් ගුරුවරියකට විදුහල්පතිවරයා පැවසූ බවද පාසලේ උදෑසන ආහාරය සකස් කරමින් සිටි දෙමවුපියන් පිරිසක් මෙහිදී පැවැසූහ.

විදුහල්පතිවරයකු මවක් සමග ඇතිකරත් ආරවුලක් දුරදිග යෑමෙන් දරුවන් තිදෙනා පාසලෙන් ඉවතට

එම ස්ථානයේ රැස්වී සිටි දෙමවුපියන් පැවසූයේ මීට පෙරත් පාසල් සිසුන් කිහිපදෙනෙකුට මෙම විදුහල්පතිවරයා අමානුෂික අයුරින් බිම පාගා පයින් පහරදීම් සිදු කර ඇති බවය. පාසලේ ළමයින්හට ඉගැන්වීම් සඳහා පෞද්ගලික වියදමින් පාසලට පරිගණක යන්ත්‍ර රැගෙන ගුරුවරියක් ඇතුළු ගුරුවරියන් කීපදෙනෙකු මෙම විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරු වීම් ලබාගෙන පාසලේ ගිය බවද එම දෙමවුපියන් පැවසූහ. විදුහල්පතිවරයා කාන්තාවක් සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දෙස බලමින් ගමන් කළ දරුවන් කිහිපදෙනකුට ද මෙම විදුහල්පතිවරයා බැන වැදීමෙන් අනතුරුව විදුහල්පති කාර්යාලයට යෑමට ද ඇතැම් දරුවන් බිය පළ කරන බවද එම දෙමවුපියෝ පැවසූහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment