නමගිය අපරාධකරු ලග නවීන ගිනි අවියක්

252

ඉතාලියේ නිෂ්පාදිත අත්ල මත සඟවා තබා ගත හැකි මි. මී. 022 කුඩා ගිනි අවියක් (පිස්තෝලයක්) සමඟ රටේ නමගිය අපරාධකරුවකු හා ඔහුගේ සහයකයන් දෙදෙනකු කිරුළපන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනක කිරුළපන දේවිකා ගාර්ඩන්ස්හි පිහිටි බි‍්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයකුට අයත් තෙමහල් නිවසක් කොල්ලකා රුපියල් එකොළොස් ලක්ෂ පනස්පන් දහසක මුදලක් සොරකම් කර ඇතැයි කිරුළපන පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඉහත සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී සොරකම් කළ මුදලින් ලබාගත් ත‍්‍රිරෝද රථයක් හා රන් භාණ්ඩ කීපයක් පොලිිසිය විසින් සොයාගෙන තිබෙන අතර මතට තදින්ම ඇබ්බැහිවූවන් වන සැකකරුවන් සොරකමින් උපයාගත් ලක්ෂ ගණනක මුදලක් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා යොදාගෙන ඇතැයි පොලිසිය පවසයි.

කිරුළපන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙයවීමෙන් උ. පො. ප. චාමික, පො. සැ. (9233) ජයවීර ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ මෙහෙයවති.

ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment