මානසික රෝගී දියණියගේ පහරදීමෙන් අසනීප වූ තිදරු පියා මරුට

481


 වදුරඹ කටඹුරාව ප්‍රදේශයේ තිදරුපියෙකුට ඇයගේ දියණිය විසින් ඊයේ (02) පෙරවරුවේ පහරදීමෙන් පසු තිදරු පියා හදිසියේ රෝගිවීමෙන් පසු මියගොස් ඇති බැව් වදුරඹ පොලිසිය පවසයි.

 මියගොස් ඇත්තේ එච්.පී. ආරියදාස (අවු:54) නැමති තිදරුපියෙකි. පහරදීම සම්බන්දයෙන් විසිදෙහැවිරිදිවියේ පසුවන දියණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන තැනැත්තියකි. මෙකී තරුණිය මව සමග අද උදෑසන ආරවුලක් ඇති කරගෙන තිබේ. තරුණියට මානසික රෝගය සඳහා ලබාදෙන බෙහෙත් ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ආහාර සමග බෙහෙත් මිශ්‍රකර ලබාදීමට මව කටයුතු කර ඇත. මේනිසා තරුණිය මව සමග ආරවුලක් ඇති කරගෙන තිබේ. දියණිය විසින් මවට කෝටුවක් ගෙන පහර දෙමින් සිටියදී නිවස ඉදිරිපිට කාමරයේ නිදා සිටි පියා එම ස්ථානයට’ පැමිණ විපරම් කිරීමේදී ඔහුටද දියණිය විසින් කෝටුවකින් හා අති පයින් පහර දී ඇත. පසුව මව හා පියා එක්වි දියණිය පුටුවක ගැටගසා තිබේ. ඒ සමගම පියා තමන්ගේ පපුව’ රිදෙන බව’ පවසා තම’ කාමරයට’ ගොස් සිය ඇඳේ හාන්සි වී ඇත. ටික වෙලාවකට පසු බිරිඳ විසින් සැමියා ගැන විපරම් කිරීමේදී ඒ මහතා කටින් ලේ ගලමින් වැටී සිටිනු’ දක්නට ලැබී ඇත. මොහු රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලිසිය පවසයි.

 මෘත දේහය පිළිබඳව පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇති අතර පහදීමට ලක්වූ ස්ථානයේ පරීක්ෂණ බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිතව ඇති බැව් පොලිසිය කියයි.’ වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත ,අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමරතුංග මහතා ප්‍රමුඛ නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment