මා මැදිහත් වුණේ ගැටලුව දුරදිග යෑම වැළැක්වීමටයි – ඇමැති ජීවන් තොණ්ඩමන්

210

වතු කළමනාකාරීත්වයේ සහ වතු කම්කරුවන්ගේ ගැටලුව දුරදිග යෑම වැළැක්වීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ලෙස තමා ඊට මැදිහත් වූ බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (02 දා) ‘දිවයින’ට පැවසීය.

පොලිසිය වතු කළමනාකාරීත්වය පැත්තේ සිට කම්කරුවන්ගේ කටයුතුවලට එරෙහිව යෑම නිසා ගැටලුව තිව්‍ර වීමත් මෙම තත්ත්වයට හේතු වූ බව ද පොලිසියේ ඒකපාර්ශ්වීය හැසිරීම නීති අණපනත් චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් බව ද හෙතෙම කීවේය.

පුද්ගලික සමාගමක් සහ එහි වෘත්තීය සමිති අතර සිදුවන වෘත්තීය විවාදයකට මැදිහත්ව කම්කරුවන්ට තර්ජනය කිරීමට පොලිසියට සාධාරණ හේතුවක් නොමැති බවත් තමා කර්මාන්ත ශාලාවට ඇතුළු වූයේ එහි බලහත්කාරයෙන් රඳවා සිටි සේවකයන් නිදහස් කර ගැනීමට බවත් පැවසූ ඇමැතිවරයා විරෝධතා දැක්වීමට සේවකයන්ට ඇති අයිතිය කිසිවකුට බිඳලිය නොහැකි බව කීවේය.

තමා විසින් කම්කරුවන් සහ පාලනාධිකාරිය අතර කැඳවා තිබූ හමුවීමකට පොලිසියේ ඉහළ නිලධාරියකු එක්වීම ගැටලුවක් බවත් වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති හමුවලට පොලිසිය එලෙස මැදිහත් වීම නීති විරෝධී බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment