මෙවර මහ මැතිවරණයට අදාළව දිවයින පුරා මැතිවරණ කාර්යාල හය ලක්ෂ පනස් හත්දහස් හයසිය විසි නවයක් (657629) පිහිටුවිය හැකි වුවද පිහිටුවා ඇත්තේ කාර්යාල 9291ක් පමණක් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.
ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් හැරුණු විට මහ මැතිවරණය සම්බන්ධයෙන් දැඩි උදාසීන තත්ත්වයක් පෙන්නුම් කරන බව හෙතෙම සඳහන් කළේය.
මෙම මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 318කින් අපේක්ෂකයන් 8800 කට වැඩි පිරිසක් තරග වදින අතර එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා එක් මැතිවරණ කාර්යාලය බැගින් පිහිටුවීමට අවසර හිමි වී ඇත.
ඊට අමතරව පැවැති විවිධ මැතිවරණවල දී සිදු වූ ගහගැනීම්, මිනී මැරීම්, අලාභහානි සිදු කිරීම් ඇතුළු බරපතල සිද්ධීන් පිළිබඳව ලැබෙන පැමිණිලි ද ඉතාම පහළ මට්ටමක පවතින බව ද හෙතෙම කීය.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ