මැන්ඩවුස් සුළි කුණාටුව ඈත් වෙයි

356

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

advertistmentadvertistment
advertistmentadvertistment