රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

419

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබේ.ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000ක උපරිමයකට යටත්ව මෙම විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇත.සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම දැනුම්දීම සිදුකර තිබේ.මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දිනෙන් අවසන් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment