මැරතන් ජය රත්නපාලට සහ හේරත් ට

48

නෙස්ලේ නෙස්ටමෝල්ට් අනුග්‍රාහක දායකත්වයෙන් පැවති 48 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරගයේ පිරිමි අංශයේ පළමු ස්ථානය ටී. ඩබ්ලිව්. රත්නපාල (කාල සීමාව: 2.25.55) දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ පළමු ස්ථානය එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් (කාල සීමාව: 2.55.14) ක්‍රීඩිකාවට හිමි විය.

48 වැනි ජාතික ක්‍රීඩා උළෙල පසුගිය සති අන්තයේ ආරම්භ වූ අතර එහිදී මැරතන් ධාවන තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

තරගයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග පිරිනැමුණු අතර ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද දෙවන ස්ථානයට රු. 40,000 ක් සහ තෙවන ස්ථානය රු. 30,000 ක් ද තවද, පළමු 10 අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ත්‍යාග ප්‍රදානය කෙරිණි.

මැරතන් ධාවන තරගය පෙරේදා පැවති අතර එම ඉසව්වේ ප්‍රතිඵල පහත පරිදි වේ:

මැරතන් ජය රත්නපාලට සහ හේරත් ට

මැරතන් (පිරිමි):

1 වන ස්ථානය – ටී. ඩබ්ලිව්. රත්නපාල (කාල සීමාව: 2.25.55)

දෙවන ස්ථානය – කේ. ෂන්මුගේෂ්වරන් – (කාල සීමාව: 2.26.20)

3 වැනි ස්ථානය එස්.ආර්.ජී. අමිල සනත් කුමාර – (කාල සීමාව: 2.27.11)

මැරතන් (කාන්තා):

පළමු ස්ථානය – එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් (කාල සීමාව: 2.55.14)

2 වන ස්ථානය – ඩබ්ලිව්. එම්. නිමේෂා නිදර්ශි (කාල සීමාව: 3.01.52)

3 වන ස්ථානය – එච්. ඩබ්ලිව්. සී. දමයන්ති (කාල සීමාව: 3.14.28)

නෙස්ලේ, ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය සමග එක්ව මෙවර තරග සංවිධානය කෙරිණි.

ඡායාරූප – නිශාන් එස්.ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment