පුතා ඌරාට තැබූ වෙඩිල්ලෙන් පියා මරුට

163


නෙළුන්දෙනිය, දැදිගම, මල්මැස්ස පදිංචි පියා සහ පුතා ඊයේ (28දා) රාත්‍රියේ ජයලත් කන්ද ප්‍රදේශයේ දඩයමේ ගොස් ඇති අතර පුතා විසින් තුවක්කුව සතෙකුට යැයි සිතා පත්තු කිරීමේදී පියාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී ඇති බව දැදිගම පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඩබ්ලිව්. ඩී. සම්පත් රුවන් කුමාර (41) වියැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

ඌරන් දඩයම් කිරීම සදහා තමන් සතු තුවක්කුව ද රැගෙන ඊයේ රාත්‍රියේ පියා සහ පුතා දඩයමේ ගිය අතර ඌරන් කොටු කිරීම සදහා පුතා එක පැත්තකිනුත් පියා තවත් පැත්තකින් ගොස් පියා ඌරෙක් කොටුකර ගෙන ඉදිරියට පැමිණ ඇතග පුතා විසින් ඌරෙකු යැයි සිතා වෙඩ් තබා ඇත.

17 හැවිරුදි පුතා විසින් පසුව එම ස්ථානයට ගොස් බැලීමේදී පියාට වෙඩි වැදී ඇති බව දැක තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment