නව නාවික හමුදාපති වැඩ භාරගනී

387


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරි භාරගත්තේය. හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාධිපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාරදීම මෙහිදී සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment