මිලර්ගේ අමිල ඉනිමෙන් දකුණු අප්‍රිකාවට ජය

61

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 4ක ජයක් වර්තා කිරීමට දකුණු අප්‍රිකාව (08දා) සමත්විය.

නිව්යෝර්ක්හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණි.

පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකාව පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 106ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාවට 2024 ලෝක කුසලානයේ ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය. පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේවිඩ් මිලර් ලකුණු 59ක් සහ ටි්‍රස්ටන් ස්ටැබ්ස් ලකුණු 33ක් ලැබූහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රථම කඩුලු 4 ලකුණු 12ක් තුළ බිඳ වැටුණු අතර ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් සහ ටි්‍රස්ටන් ස්ටැබ්ස් ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. ස්ටැබ්ස් ලකුණු පුවරුව ලකුණු 77ක්ව තිබියදී ලකුණු 33කට දැවීගිය අතර ඩේවිඩ් මිලර් තරගය අවසානය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිට තරගයේ ජය දකුණු අප්‍රිකාව වෙත කැඳවාගෙන ආවේය.

ලකුණු සාරාංශය

නෙදර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 103 යි. සිබ්රන්ඩ් එංගල්බ්ච් 40, ලොගන් වැන් බෑක් 23, වික්‍රන්ජිත් සිං 12. (ඕ. බාට්මන් 11- 4, මාකෝ ජැන්සන් 20-2, ඇන්ඩි්‍රච් නෝර්ට්ජි 19-2)

දකුණු අප්‍රිකාව පන්දුවාර 18.5ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 106යි. ඩේවිඩ් මිලර් 59, ටි්‍රස්ටන් ස්ටැබ්ස් 33.

(විවියන් කින්ග්මා 12-2, ලොගන් වැන් 21- 2, බස් ද ලීඩා 34-1)

advertistmentadvertistment
advertistmentadvertistment