මුජිබර්, හර්ෂනට නව තනතුරු

421


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂන රාජකරැණා සහ මුජිබර් රහුමාන් යන මහත්වරැන්ට එම පක්ෂයේ නව තනතුරැ දෙකක් හිමිව තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇති අතර කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී පෙරේදා (16දා) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී එම පත්වීම් ප්‍රදානය කර ඇති අතර ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී එම පත්වීමේ ලිපි ලබාදී තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර ඇත.


advertistmentadvertistment