මුතුහෙට්ටිගම 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ්

121

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඊයේ උසාවි ඇවිත් නෑ

නීති විරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට ව්‍යාජ අංක තහඩුවක් සවිකරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 24දා තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (21 දා) නියෝග කළේය.

එම නඩුවට අදාළව කරුණු දැක්වූ වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර මහතා කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දුන්නේ මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු කිසිදු ලියවිල්ලක් ලබාදී නොමැති බවයි.

ඊට අදාළ ලිපිගොනු ඇත්නම් ඒවා ලබාදෙන ලෙස කිහිපවරක්ම දැනුම් දී ඇතත් මේ දක්වා කිසිදු ලියවිල්ලක් තමන්ට හෝ අධිකරණයට ඉදිරිපත් කර නැතැයිද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණත් ඔහු ඊයේ (21 දා) අධිකරණයට පැමිණ සිටියේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment