මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 3ක පරාජයක්

48

මුම්බායි පිතිකරුවන්ගේ පිතිකරණ අසාර්ථකත්වයත්, ගුජරාට් ටයිටන්ස් පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56වන තරගය වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 3ක ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය.

පෙරේදා (06දා) මුම්බායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 155ට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19ක් තුළ සපුරාලීමට අවශ්‍ය වූයේ ලකුණු 147ක් පමණි.

ඒ අනුව නියමිත පන්දුවාර 19 අවසන කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විල් ජැක් ලකුණු 53ක්, සූර්ය කුමාර් යාදෙව් ලකුණු 35ක් සහ කෝර්බ්න් බොෂ් ලකුණු 27ක් ලැබීය.

පන්දු යැවීමේදී සායි කිෂෝරි ලකුණු 34කට කඩුලු 2ක් බිඳහෙළීය.

ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ශුබ්මන් ගිල් ලකුණු 43ක්, ජොස් බට්ලර් ලකුණු 30ක් සහ ෂෙෆර්නි රදර්ෆඩ් ලකුණු 28ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ජැෆ්රිට් බුම්රාහ් ලකුණු 19කට කඩුලු 2ක්, ට්‍රනේට් බෝල්ට් ලකුණු 22කට කඩුලු 2ක් සහ අශ්වානි කුමාර් ලකුණු 28කට කඩුලු 2ක් දවාලීය.

තරගයේ වීරයා ලෙස ශුබ්මන් ගිල් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment