මෙරට ජාවාරමෙකුට දෙන්න ගෙනා කෝටි 336 ක කුඩු මුහුදේදී අල්ලයි – පකිස්තාන් ජාතිකයෝ 4ක් බලුකිස්තාන් ජාතිකයෝ 3ක් දැලේ

164

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා විදේශිකයන් පිරිසක් විසින් රැුගෙන එමින් තිබූ රුපියල් කෝටි තුන්සිය තිස් හයක් (336) ක් වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ගැඹුරු මුහුදේදී පෙරේදා (04 වැනිදා) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට ජාවාරමෙකුට දෙන්න ගෙනා කෝටි 336 ක කුඩු මුහුදේදී අල්ලයි - පකිස්තාන් ජාතිකයෝ 4ක් බලුකිස්තාන් ජාතිකයෝ 3ක් දැලේ

අත්අඩංගුවට ගත් විදේශිකයන් අතර පාකිස්තානු ජාතිකයන් සිව්දෙනකු සහ බලූකිස්තාන් ජාතිකයන් තිදෙනකු ඇතුළු හත්දෙනකු සිටින බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම්කරුවන් අතර සිටි පාකිස්තානු ජාතිකයකු කොරෝනා ආසාදිතයකු වීම නිසා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

මෙරට ජාවාරමෙකුට දෙන්න ගෙනා කෝටි 336 ක කුඩු මුහුදේදී අල්ලයි - පකිස්තාන් ජාතිකයෝ 4ක් බලුකිස්තාන් ජාතිකයෝ 3ක් දැලේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත රාජ්‍ය බුද්ධි අංශය මඩකලපුව පොලිසිය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම හෙරොයින් තොගය ධීවර බෝට්ටුවට පටවා ඇත්තේ ඉරානයේ වරායකිනි. පසුව මෙම විදේශිකයන් හෙරොයින් තොගය ශ‍්‍රී ලංකාවට ආසන්න ගැඹුරු මුහුද වෙත ගෙනවිත් තිබේ.

මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමට යන මෙරට හෙරොයින් ජාවාරම්කරුවන් ලෙස වෙස්වලාගත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් ගැඹුරු මුහුදට ගොස් මෙම හෙරොයින් තොගය සිය භාරයට ගෙන තිබේ.

මෙහිදී හෙරොයින් කිලෝග‍්‍රෑම් 336 ක් සොයාගත් අතර ඒවා කිලෝග‍්‍රෑමය බැගින්වූ පැකට්වල අසුරා පොහොර බෑග්වලට දමා තිබූ බව පොලිසිය පවසයි.

මෙම හෙරොයින් තොගය භාර ගැනීමට නියමිතව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැත.

ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරෙයින් තොගය සහ සැකකරුවන් කොළඹ වරායට පෙරේදා රැුගෙනවිත් ඇත. එහිදී මෙම සැකකරුවන් පී. සී. ආර් පරීක්‍ෂණයකට ලක්කළ අතර කොරෝනා ආසාදනයවූ පාකිස්තානු ජාතිකයා හමුවී ඇත්තේ එහිදීය.

මෙරට ජාවාරමෙකුට දෙන්න ගෙනා කෝටි 336 ක කුඩු මුහුදේදී අල්ලයි - පකිස්තාන් ජාතිකයෝ 4ක් බලුකිස්තාන් ජාතිකයෝ 3ක් දැලේ

සෙසු සැකකරුවන් පොලිස් ආරක්‍ෂාව යටතේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේ සම්බනධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment