යුනිසෙෆ් හෙළිදරව්ව ආංශික සභාව පිළිඅරන් – වෛද්‍ය චමල් සංජීව
මෙරට දරුවන් 56000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට යුනිසෙෆ් සංවිධානය කළ හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආංශික කාරක සභාව පිළිගෙන ඇතැයි, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආංශික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් මෙරට දරුවන් සම්බන්ධ යුනිසෙෆ් වාර්තාව සත්‍ය බව පිළිගෙන ඇතැයි පවසන ඒ මහතා එම වාර්තාව බොරු බව කී සෞඛ්‍ය ඇමැතිවරයාට හා ලේකම්වරයාට ලබාදෙන දඬුවම කුමක්දැයි ප්‍රශ්න කරයි.
තමාද මේ සම්බන්ධයෙන් මීට වසරකට පමණ පෙර කළ ප්‍රකාශ අසත්‍ය බව සනාථ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා අසමත්ව ඇතැයි ද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගනුදෙනු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත්, එම දූෂිත චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය නිසා ඒවා හෙළි කරන වෘත්තීයවේදීන් හා වෘත්තීය සමිති නායකයන් මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.
සුජීව තත්සර