කැනඩා මහ කොමසාරිස්ගේ යාපනය සංචාරයේ අරමුණ කුමක්ද?

244

කැනඩා ඩයස්පෝරාව ඩොලර් මිලියන ගණනක් යුද්ධයට ලබාදුන්නා – කැනඩා ශ්‍රී ලංකා සංවිධානය

මෙරට කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් පසුගිය සතියේ යාපනයේ සංචාරයක නිරත වී විශ්වවිද්‍යාල සිසුන් සහ හිටපු පුරපති එමානුවෙල් ආර්නොල්ඩ් හමුවී රහස් සාකච්ඡාවක නිරත වී ඇත.

දේශපාලන පක්ෂ පළාත් හා මැතිවරණය ගැන වාද විවාද කරන අවස්ථාවේ කැනඩා මහ කොමසාරිස් උතුරේ සංචාරය සිදු විය. එහෙත් එකම දේශපාලනඥයකු මෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරු ද කැනඩා මහ කොමසාරිස් යාපනයට ගොස් සාකච්ඡා කළේ කුමක්දැයි ප්‍රශ්න කළේ නැත. එසේම බෙදුම්වාදී ආකල්පය දරන උතුරේ විශ්වවිද්‍යාල සිසුන් සමග කැනඩා මහ කොමසාරිස්ට ඇති කතාබහ කුමක්දැයි රජය ද විමසුවේ නැත.

කැනඩාවේ ටෘඩෝ රජය කැනඩාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් වූ ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියාටත් නොකියා හිටපු ජනපතිවරුන් දෙදෙනකුට සම්බාධක පනවනු ලැබීය. ශ්‍රී ලංකා රජය ඊට විරෝධය පෑවත් ඒ ගැන තැකිමක් කළේ නැත. එහෙත් තානාපතිවරුන් සඳහා වූ වියනා ගිවිසුම උල්ලංඝනය කරමින් එරික් වොල්ෂ් සහ මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරීන් ද යාපනයට ගියහ. මෙයට පෙර කැනඩා රජය කැනඩා මන්ත්‍රී ගැරි ආනන්ද සංගරිගේ බලපෑම මත ශ්‍රී ලංකාව ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු කළ බවට තීරණය කර පනතක් සම්මත කළේය.

හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලෙයි පැවසුවේ ද්‍රවිඩ සමූල ඝාතනය කර සිදු වූයේ ද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය බවය.

එහෙත් කැනඩාවේ ඔන්ටාරියෝ ආණ්ඩුකාරවරිය ද ද්‍රවිඩ සමූල ඝාතනය සිදු වූ බවට තීරණය කළාය.

එසේ වුවත් කැනඩාවේ අතීතය කුමක් ද?

  1. කැනඩා සෙබළුන් ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ කර ඇත.
  2. සෝමාලියාවේ ද යුද අපරාධ කර තිබේ.
  3. ඒ බව කැනඩා මන්ත්‍රීවරු තහවුරු කර තිබේ.
  4. යුද පුහුණුව ලත් කොටි 8000ක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිටින බව කැනඩා මාධ්‍යවේදී ස්ටුවට් බෙල් හෙළි කර තිබිණි.
  5. ප්‍රභාකරන්ගේ අවි ආයුධ ප්‍රවාහන ප්‍රධානී සංගිලිට කැනඩාවේ දේශපාලන රැකවරණ හිමි විය.
  6. මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් රැසක් කැනඩාවේ සිටී.
  7. කොටි ත්‍රස්තයන්ට එරෙහි නඩු විභාගවලදී විනිසුරුවරියන් තීන්දුව දෙන්නේ යුක්තියට නොව බොරු ප්‍රකාශ මතය.
  8. කොළඹ සහ කටුනායකට අහසින් බෝම්බ දැමූ කොටි නියමුවන් පුහුණු වූයේ කැනඩාවේය.
  9. කැනඩා ද්‍රවිඩයන් කීපදෙනෙක් වන්නියේදී කොටි සමග සටන් වැද සිටිය දී අසු විය.
  10. කැනඩා මහ කොමසාරිස්වරයා මහින්ද රාජපක්ෂ රජයේ බලගතු දේශපාලනඥයකුගේ සහනයක් ඔවුන්ව මුදා ගනු ලැබීය.

එහෙත් ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලකයකු මේ කරුණුවලට අභියෝග කළේ නැත. මිචෙල් කීපර් නමැති ලේඛකයා පැවසුවේ කැනඩා සෙබළුන් සිදු කළ වධහිංසා ලැජ්ජාවට හේතු වන බවයි.

ඔහු තවදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

  1. හිටපු අගමැති හාෆර් කැනඩාවේ හමුදා පොලිස් කොමිසම අහෝසි කර දැමීමට ක්‍රියා කළේය.
  2. ඇෆ්ගනිස්තානයේ නීති විරෝධී යුද්ධයකට සහභාගි වීම නිසා කැනඩා භටයන් 350 ක් මරුමුවට පත් විය.
  3. කැනඩා ජාත්‍යන්තර නීතිය සහ කැනඩා නීතිරීති උල්ලංඝනය කළ බව තහවුරු වීම
  4. ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර කැනඩා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන තොතුරු පාර්ලිමේන්තුවෙන් වසං කිරීම.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් වෝලෂ් උතුරට ගොස් සිදු කළේ තොරතුරු සෙවීම නොවේ ද?

ද්‍රවිඩ සන්ධානය 13 සංශෝධනය යටතේ උතුරට ඉඩම් හා පොලිස් බලතල ඉල්ලන අවස්ථාවේ කැනඩා මහ කොමසාරිස් උතුරු සංචාරය සැකයට ලක් වේ.

ඔහු මෙරට දේශපාලන කටයුතුවලට අද ඍජුව මැදිහත් වේ. එහෙත් විදේශ කටයුතු බලධාරීහු නිහඬය.

මෙයට වසර ගණනකට පෙර හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මෙරට බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටෝන් මෙරටින් පිටුවහල් කළේය. ඊට පෙර හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරියාව පිටුවහල් කළේය. එදා සිට අද වනතුරු වියනා ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කළ කිසිම තානාපතියකු මෙරටින් පිටුවහල් කිරීමට පාලකයන් බිය වූහ. මේ අතර කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ජාලිය වික්‍රමාරච්චි එරට විදේශ කටයුතු ඇමැතිනි මෙලනි ජෝයි වෙත ලිපියක් යවමින් කැනඩාවේ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය තොතරුරු ප්‍රචාරය කරන බවත් ගත වූ කාලය කොටි සංවිධානයට ඩොලර් මිලියන ගණනක් සැපයූ බවත් හෙළි කළේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment