ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් හැදෙන තුරු අරගල කරනවා – ගල්වැව සිරිධම්ම හිමි

97

රටේ ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් සැදෙන කල් අරගල කරන බවත්, මර්දනය හා සිරගත කිරීම කෙටි නවාතැන්පළක් පමණක් බවත් දින 108ක රැඳවුම් දිවිය නිමකොට ඊයේ (06දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටතට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියෝ ඊයේ එම අධිකරණ භූමියේදී පැවසූහ.

රටේ ජනතාව ජීවත්වීමට ක්‍රමයක් ඉල්ලා අරගල කරද්දී පාලකයන් ඊට මුහුණ දුන්නේ මර්දනයෙන් බවත්, අරගලය අවසන් කළ හැක්කේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමෙන් මිස ඒ වෙනුවෙන් හඬ නඟන පුද්ගලයන් සිරගත කිරීමෙන් නොවන බවත් පාලකයන් දැන්වත් අවබෝධ කරගත යුතු යැයි ද එම හිමියෝ කීහ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment