මෙරට විකුණන කිරිපිටි හා ඖෂධ රැුසක් ආහාර හා ඖෂධ පනත කඩ කරලා – හිටපු සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කියයි

247

මෙරට භාවිතයට ගන්නා ළදරු කිරිපිටි, කිරිදෙන මවුවැන්ගේ කිරිපිටි සහ ඖෂධ වර්ග රැුසක්ම ආහාර සහ ඖෂධ පනත් උල්ලංඝනය කරමින් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ පී. මදරසිංහ මහතා පැවැසීය.

මේවාට එරෙහිව කි‍්‍රයාකිරීමට පනත්වල නීති ප‍්‍රමාණවත් වුවද දැනුවත්

පාරිභෝගිකයන් පිරිසක් රටේ නොමැතිවීම මෙම ජාවාරම සිදුකරන පුද්ගලයන්ට සහනයක් වී ඇති බවද ඒ මහතා මාධ්‍යවේදී වැඩමුළුවකදී පැවැසීය.

විශේෂයෙන් කිරිපිටි හෝ බිස්කට් වර්ගයක් ඇසුරුම් කර අලෙවි කිරීමේදී එයට යම් විටමින් වර්ගයක් ඇතුළත් කර තිබේ නම් එය කොපමණ ප‍්‍රමාණයකින්ද යන්න ඇසුරුමේ සටහන් කර තිබිය යුතු වුවත් කූට ව්‍යාපාරිකයන් තම නිෂ්පාදනවල විටමින් වර්ග පමණක් තිබෙන බව ප‍්‍රකාශ කර ඇතැයිද ඔහු කීය. ඖෂධ සම්බන්ධයෙන්ද එසේම බව ඔහු කීය. මේවාට එරෙහිව කටයුතු කිරීමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පැවරී ඇති බවත් කොවිඞ් හමුවේ වුවත් මේවා සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ කණ්ඩායමක් සිටින බවත් ඔවුන් මේ ගැන අවධානම යොමු නොකිරීම බරපතළ තත්ත්වයක් බවත් ඔහු කීය.

පසුගිය වසර පහක පමණ කාලයේදී රට තුළ ඉපදුණ දරුවන් අතරින් සියයට 17.3 කගේ පමණ උසට සරිලන බර නොමැතිවීම වැනි ලක්‍ෂණ නිරීක්‍ෂණය වී ඇතැයිද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමේ හැකියාව

පාරිභෝගිකයන් සතුව පවතින බවත් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් විමසීම් කළයුතු බවද ඔහු කීය.

මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙම වැඩමුළුව ෆියැන් ශ‍්‍රී ලංකා සංවිධානය මගින් සංවිධානය කර පාදුක්ක කිතුල්කන්ද නිවාඩු නිකේතනයේදී පැවැත්විණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment