මෙවර ලෝක කුසලානයට සහභාගි වූ ක්‍රීඩකයන් 32ක් එල්පීඑල් තරග බිමේ

1

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 19ක් – විදෙස් ක්‍රීඩකයන් 13ක්

තවත් දින 4ක ඇවෑමෙන් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් 32 දෙනකු සහභාගිවීමට නියමිත ඇත.

ඒ අතරින් 19ක් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් වන අතර ඉතිරි 13 දෙනා විදෙස් රටවලින් එකතුවී සිටින ක්‍රීඩකයෝ වෙති.

මෙවර ලෝක කුසලානයට සහභාගි වූ ක්‍රීඩකයන් 32ක් එල්පීඑල් තරග බිමේ

ඒ අතරින් වැඩිම සහභාගිත්වය ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් පැමිණ සිටින අතර එම සංඛ්‍යාව 06කි. ඒ අතරින් එහි ආරම්භක පිතිකරු රහමනුල්හා ගුරුබාස් කැපී පෙනනම ක්‍රීඩකයෙක් බවට පත්ව සිටියි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට පැමිණීම සඳහා ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට තීරණාත්මක තරගයක් වූ ඔස්ටේ්‍රලියාවට (60) සහ බංග්ලාදේශයට (40) එරෙහිව පැවැති තරගයේදී ගුරුබාස් කැපී පෙනන දක්ෂතා දැක්වීමට සමත්වූයේය.

ඊට අමතරව ගෝල් කණ්ඩායම නියෝජනය කරනු ලබන මුජීඩ් උර් රෙහුමාන්, දඹුල්ල නියෝජනය කරනු ලබන ඉබ්‍රාහිම් ශද්‍රාන් සහ මොහොමඩ් නබී මෙන්ම ජැෆ්නා පිල නියෝජනය කරනු ලබන නූර් අහමඩ් ද සිටිති. ඇෆ්ගනිස්ථානය හැරුණු කොට වැඩිම සහභාගිත්වයක් දරන ලබන රට බවට පත්ව සිටින්නේ බංග්ලාදේශය වන අතර ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහුමාන් සහ ටව්හිද් රිඩෝයි එම ක්‍රීඩකයෝ වෙති. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයන් තේරීම වෙනුවෙන් පැවැති වෙන්දේසියේදී ටවුහිද් රිඩෝයිව මිලදී

ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවුණ ද පසුව ඔහුගේ සේවය ලබාගැනීමට දඹුල්ල කණ්ඩායම තීරණය කර තිබේ.

මීට අමතරව නවසීලන්තය වෙනුවෙන්

ග්ලේන් පිලිප්ස් සහ මාක් චැප්මන් ද පාකිස්තානු කණ්ඩායමේ උප නායකයා වන ශඩාබ් ඛාන්, දකුණු අප්‍රිකාවේරීසා හෙන්ද්‍රික්ස් පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන තරු බවට පත්ව සිටිති.

මේ ක්‍රීඩකයන් අතරින් කිසිදු ක්‍රීඩකයකු කැන්ඩි කණ්ඩායමට ක්‍රීඩා නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වේ. කෙසේ වෙතත් කැන්ඩි කණ්ඩායම යනු දේශීය මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම වේ. ඔවුන් අතර ශ්‍රී ලංකාව මෙහෙයවීමට වරම් ලද නායකයන් පස් දෙනෙකුම ඇතුළත් වීම කැපී පෙනෙයි. වර්තමාන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග හැරුණු කොට හිටපු නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් කැන්ඩි කණ්ඩායම නියෝජනය කරනු ලබන හිටපු ශ්‍රී ලංකා නායකයෝ වෙති.

කලම්බු- සදීර සමරවික්‍රම, ශඩාබ් ඛාන් (පාකිස්තානය), ග්ලේන් පිලිප්ස් (නවසීලන්තය), දුනිත් වෙල්ලාල්ගේ, රහමනුල්හා ගුරුබාස් (ඇෆ්ගනිස්ථානය) ටස්කින් අහමඩ් (බංග්ලාදේශය)

දඹුල්ල- ඩිල්ෂාන් මදුසංඛ, නුවන් තුෂාර, මුස්ටෆිසුර් රහුමාන්, (බංග්ලාදේශය), ඊබ්‍රාහිම් ශද්‍රාන් (ඇෆ්ගනිස්ථානය), රීසා හෙන්ද්‍රික්ස් (දකුණු අප්‍රිකාව), මාක් චැප්මන් (නවසීලන්තය), ටව්හිඩ් රිඩෝයි (බංග්ලාදේශය), මොහොමඩ් නබී (ඇෆ්ගනිස්ථානය)

ගෝල්- භානුක රාජපක්ෂ, විජයකාන්ත් වියස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, අස්මතුල්ලා ඔමරසායි (ඇෆ්ගනිස්ථානය), නූර් අහමඩ්

(ඇෆ්ගනිස්ථානය), ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක.

කැන්ඩි – වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක.

advertistmentadvertistment
advertistmentadvertistment