මේ මගේ ගලයි හිමිකාරයා මමයි… කහවත්තේ ‘මැණික් පොකුර’ ගැනත් අවුලක්

1672

මේ මගේ ගලයි – හිමිකාරයා මමයි… කියන ගල රත්නපුර පොලිසියේ නිලධාරීන් පිරික්සූ අයුරු.….

අප පුවත්පතේ පෙරේදා (29 දා* මුල් පිටුවේ පළ වී තිබූ මැණික් ගලේ ඡායාරූපය තමන්ට අයත් මැණික් ගලක ඡායාරූපයක් බව රත්නපුරයේ පදිංචි ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන නන්දන මහතා පවසයි.
 
මෙම මැණික් ගල මීට වසර 16 කට උඩදී තමන් විසින් මිලදී ගත් එකක් බවත් එය තමන්ට අයත් මැණික් කෞතුකාගරයක තැම්පත් කර තිබෙන බවත් නන්දන මහතා කියා සිටියි.
 
මේ සම්බන්ධයෙන් නන්දන මහතා රත්නපුර පොලිසිය දැනුවත් කළ අතර රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා විසින් එම ගල පරීක්‍ෂාවට ලක්කර ඇත.

මේ මගේ ගලයි හිමිකාරයා මමයි... කහවත්තේ ‘මැණික් පොකුර’ ගැනත් අවුලක්

නන්දන මහතාට අයත් මෙම මැණික් ගල දිවයින ප‍්‍රවෘත්තියේ පළකර තිබුණේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ප‍්‍රකාශ කළ රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා බව කියන කහවත්ත ප‍්‍රදේශයෙන් හොයාගත් මැණික් ගලේ ඡුායාරූපය ලෙසය.
 
මේ අතර මීට පෙර කහවත්තෙන් හමුවූ ‘මැණික් පොකුරට’ අදාළ ඡුායාරූපයක් ද ඊට පෙර දින අප පත‍්‍රයේ පළවිය. දැන් එම ගලේ වටිනාකම පිළිබඳව ද විවිධ කතා පැතිර යමින් පවති. එම ගල පසුගිය වසරේ හමුවූවක් බව ද එදා ඊට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2020-12-06 වෙනිදා දී ඇති සහතිකයකින් අනාවරණය වෙයි. එම ‘ගල’ පිළිබඳව සහතිකය (එය අප සතුවද තිබේ* දෙනවිට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාව සිට ඇත්තේ එහි වත්මන් සභාපතිවරයායි කියනු ලැබේ. අධිකාරියට නෙපෙනෙන වටිනාකමක් හිටිගමන් ඇතිවීමද දැන් ප‍්‍රශ්න සහගත වී තිබේ.


advertistmentadvertistment