මේ වසරේ පළමු දින 5ට සංචාරකයෝ 39415 ක් ලංකාවට ඇවිත්

34

මේ වසර (2025) ආරම්භයේ පළමු දින පහ තුළ සංචාරකයින් 39415 ක් මෙරටට පැමිණ ඇත.

ජනවාරි පළමු දින පහ අතරින් වැඩිම සංචාරකයින් පිරිසක් ජනවාරි දෙවැනිදා මෙරටට පැමිණ ඇති අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9392ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස පසුගිය වසරේ අවස්ථා රැසකදී ඉන්දියාව වාර්තා වුවත් නව වසරේ පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි. රුසියාවෙන් 6481ක විදෙස් සංචාරක පිරිසක් පැමිණ ඇත.

මීට අමතරව මේ දින පහේදී ඉන්දියාවෙන් 6183ක්, එක්සත් රාජධානියෙන් 2928ක් සහ ජර්මනියෙන් 2921ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment