මෛත්‍රිට එරෙහි වාරණය තවත් දීර්ඝ වෙයි

54

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා ඊයේ (19දා) නියෝග කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අනුව කොළඹ දිසා අධිකරණය එම වාරණ නියෝගය නිකුත්කොට තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා අගෝස්තු පළමුවැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ද විනිසුරුවරයා දෙපාර්ශ්වයට නියෝග කළේය.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටි අතර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment