මොරටුව අබ්බාගේ ගෝලයින් හයකුත් අත්අඩංගුවට

260


පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩිපහරට ලක්ව අද අලුයම මියගිය මොරටුව එගොඩ උයන පදිංචි මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවකුවන ඩිලාන් සමීර නොහොත් අබ්බා සමග සිටි පුද්ගලයින් 06 දෙනකුද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුහු වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවෙති.අබ්බා නැමැත්තා විදෙස් රටක සිට මෙරට මත්ද‍්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප‍්‍රභලයකු වන පානදුර සළිඳුගේ ගෝලයෙකි.අබ්බා නැමැත්තා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකුද තුවාල ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment