සබරගමු සරසවි සිසුන් 13 දෙනාට ඇප

28

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනකුට හා එක් සිසුවියකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම පීඨයේ ම සිසුන් දහතුන් දෙනා ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බලන්ගොඩ මහෙස්ත්‍රාත් බී. කේ. වී. හේෂානි රෝඩ්රිගො මහත්මිය එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට ඊයේ (15 දා) නියෝග කළාය. මෙම පහර දීමෙන් තුවාල ලැබූ අය මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත. සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment