මොස්කව් යන දූස්රා

368

සම්මානනීය කැමරා ශිල්පී චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ නවතම සිනමා කෘතිය වූ දූස්රා රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 45 වැනි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා නිර්දේශ වී ඇත. පසුගිය වසරේ පැවැති කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල ද නියෝජනය කළ දූස්රා, ඉදිරියේදී ක්‍රොඒෂියා සහ බල්ගේරියා සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා ද නිර්දේශ වී ඇත.

තම පැවැත්ම උදෙසා වංචනික වෘත්තියක යෙදෙනා තරුණ යුවළක් අනප්‍රේක්ෂිතව මුහුණ දෙන බිහිසුණු සිද්ධි දාමයක් පාදක කොට ගනිමින් තිර රචනය ලියැවී ඇති දූස්රා සඳහා රංගනයෙන් තිලක්ෂණී රත්නායක, ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනී, ස්ටීව් ඩිලා සිල්වා, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ති රන්වල, රුවන් මදනායක, විශාකා සිරිවර්ධන, රෝහිත් මාන්නගේ ඇතුළු පිරිසක් එක් වී ඇති අතර, සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල, කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් නිපුනි සාරදා සහ සජිත ඇන්තනී, රෝහිත ජයනාත් එක්ව ඇති දූස්රා හසානි කිතලගමගේ සහ ලක්ෂාන් අබේනායකගේ සම නිෂ්පාදනයකි.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment