කොලොන්ගොඩ සිට බකමුණ මාර්ගයේ දඹුල්ල දක්වා ධාවනය වූ මෝටර් රථයක් ලග්ගල, හත්තොට අමුණ ප්‍රදේශයේ දී ඊයේ (16 දා) දින උදේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් රියැදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කොලොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවද ඔහු දඔුල්ල බලා ගමන් ගනිද්දී මෙම අනතුර සිදුවී ඇති බව ලග්ගල පොලිසිය කියයි. ලග්ගල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණතිලක පොලිස් සැරයන් (71364) ධම්මික, (51110) නිමල්, (68759) සුබසිංහ යන නිලධාරීහු රිය අනතුරු පිළිබඳ පරීක්ෂණ පවත්වති.
අනතුරට පත්වු මොටර් රථය ජායාරූපයෙන් දැක්වෙයි.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර