මෝටර් රියකට යටකර ගොවීන් සිව් දෙනෙකු මරා දැමීම ගැන උත්තර ප‍්‍රදේශ ස්වදේශ ඇමැති පුත‍්‍රයා අත්අඩංගුවට

636

උත්තර ප‍්‍රදේශයේ ලක්හිම්පූර් නගරයේ මහමග වාඩි වී විරෝධතාවයක නිරත වූ ගොවීන් සිව්දෙනකු සිය මෝටර් රියට යටකර මරා දැමූ ස්වදේශ ඇමැතිගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙහි දී කෝපයට පත් ගොවීහු රියදුරු සහ මෝටර් රියේ ගමන් කළ භාරතීය ජනතා පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් තිදෙනකුට පොලූ වලින් පහරදී මරාදමා තිබේ. මෙම ගොවීන් සිව්දෙනා මරාදැමීම ගැන අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්වදේශ කටයුතු ඇමැති අවුනිෂ් මිස්රාගේ පුත‍්‍රයායි.


advertistmentadvertistment