නරේන්ද්‍ර මෝදිගේ ඇමැති මණ්ඩලයේ මුස්ලිම් ජාතිකයකුට කිසිදු තනතුරක් හිමිව නැත. මීට පෙර 2014දී මෙන්ම 2019 දීත් මුස්ලිම් ඇමැතිවරයකුට අවස්ථාවක් හිමිවිය.
ඇමැති තනතුරුවලින් 60 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇති අතර 11ක් සන්ධානගත පක්ෂවලට හිමිව තිබේ.
ඒ අනුව භාරතීය ජනතා පක්ෂයට ඇමැති තනතුරුවලින් 70%ක් හිමිවන්නේ ය.
මෙම කැබිනට් මණ්ඩලයේ සාමාජික රාම් මොහාන් නායිදු 36 හැවිරිදි ය. එහි වයසින් අඩුම පුද්ගලයාය. ඔහු තෙලිඟු දේශාම් පක්ෂයේ සාමාජිකයෙකි.
ඇමැති මණ්ඩලයේ කාන්තාවන් 07 දෙනෙකුට තනතුරු හිමිව තිබේ.
චතුර පමුණුව