යුද්ධයට සෙබළුන් යැවූ මිනිස් ජාවාරම ගැන පැමිණිලි 181ක්

71

රුසියානු – යුක්රේන යුද්ධයට නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා දුන් දුරකථන අංකයට ඊයේ (13දා) දහවල් වනවිට පැමිණිලි 181ක් ලැබී ඇත.

එම යුද්ධයේදී ආරක්ෂක සාමාජිකයන් 8 දෙනකු මියගොස් ඇති බවට වාර්තා වුවත් එය නිල වශයෙන් වාර්තා වී නැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් රුසියන් – යුක්රේන් යුද්ධයට ගිය පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා 0112441146 අංකය පසුගිය බ්‍රහස්පතින්දා හඳුන්වා දුන් අතර එදින සිට ඊයේ දහවල් වනතෙක් මෙම පැමිණිලි 181 ලැබී ඇත.

රුසියාවේ පුරවැසිභාවය, ඉහළ වැටුප් ඇතුළු වරප්‍රසාද ලබාදෙන බව පවසමින් විශ්‍රාමික හමුදා පිරිස් යවා ඇතිමුත්, මේ වනතෙක් මියගිය අය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් ඔවුන්ගේ පවුල්වලට හෝ ගෙවා නැතැයි ද එම නිලධාරියා කීය. රුසියාවට හා යුක්රේනයට ගිය පිරිස් නිසියාකාරව එම රටවලට ගොස් නොමැති නිසා ඔවුන් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ සිදුකිරීමට ද නොහැකි වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment