යුරෝපා අධිකරණයේ කොටි තහනමට සමච්චල් කරන යුරෝපා සංගමය

400

කොටි තහනම අහෝසි කරන ලෙස ඉල්ලා ඩෙන්මාර්ක් කොටි හිතවාදීන් කළ ඉල්ලීම යුරෝපා අධිකරණය ඉවත දමා ඇත. යුරෝපා රටවල්වලින් කොටි තහනම මැනවින් ක‍්‍රියාත්මක නොකරන්නේ බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය යන රටවල්ය. ස්විට්සර්ලන්තය කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. එහෙත් බි‍්‍රතාන්‍යය රජය තවදුරටත් කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගෙන ඇත. මෙයට පෙරද කොටි ඩයස්පෝරාව යුරෝපා අධිකරණය වෙතින් ඉල්ලීමක් කරමින් කොටි සංවිධාන තහනම අහෝසි කරන්නැයි කියා සිටිමින් ඊට එක`ග වුණේ නැත. යුරෝපා සංගමය තුළ කොටි තහනම් කිරීමට මුල් වූයේ හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර්ය. ඒ නිසා ඔහු ඝාතනය විය. කොටි මෙම ඝාතනය කළ බව වසන් කිරීමට ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී මාවෛ සේනාධිරාජා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළත් එය සාර්ථක වූයේ නැත. යුරෝපා අධිකරණයේ විනිසුරුවරු කොටි තහනම දිගටම කි‍්‍රයාත්මක කළත් ප‍්‍රංශය ජර්මනිය ස්විට්සර්ලන්තය තුළ මියගිය කොටි ත‍්‍රස්තයන් මහත් උත්සවාකාරයෙන් සමරති. මෙය දෙබිඩි පිළිවෙතකි. යුරෝපා රටවල තවදුරටත් අරමුදල් එකතු කරන අතර ත‍්‍රස්තවාදී නායකයන් සැමරීමේ උත්සවද පවත්වති. එහෙත් අල්කයිදා අයිසිස් සික් ත‍්‍රස්තයන් සැමරීමට යුරෝපා රටවල් අවසර දෙන්නේ නැත.

ඩෙන්මාර්ක් කොටි හිතවාදීන් යුරෝපා අධිකරණය වෙත ඉදිරිපත් කළ නඩුව වූයේ කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීම පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට ස්වයංපාලනය ලබාදෙන ලෙසයි. එහෙත් එම ඉල්ලීමද ඉටු වූයේ නැත.

මෙයට පෙර කොටි හිතවාදීන් යුරෝපා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය ඉදිරිපත් කර ඇත්තේ පුවත්පත්වල ගිය ප‍්‍රවෘත්ති වාර්තා පමණක් බවත් සාක්කි ඉදිරිපත් කර නැති බවත් කියා සිටියේය. එදා පැවැති රජය මහබැංකු බෝම්බ පිපිරීම සහ ඊට සම්බන්ධ ත‍්‍රස්තවාදියා ළ`ග තිබූ ප‍්‍රභාකරන්ගේ ඇ`ගිලි සලකුණු සටහන් වූ තෑගි පෙට්ටිය සහ එය සොයාගත් පොලිස් පරීක්‍ෂක නිලබ්දින් යුරෝපයට යැව්වේ නැත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. ප‍්‍රභාකරන් කළ ඝාතන රැසක තොරතුරු හමුදාව සතුව තිබුණත් එම තොරතුරුද ඉදිරිපත් නොකෙරුණි.

මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව කොටි තහනම ඉවත් කර ගැනීමට දැඩි උත්සාහයක් ගත්තේ ඇයි.

 ඊට හේතු කීපයකි

 1. කොටි සංවිධානයට නිත්‍යානුකූලභාවය ලබාගැනීම

 2. අරමුදල් එකතු කිරීමේ නිත්‍යානුකූල අයිතිය හිමිකරගැනීම

 3. රටවල් සම`ග සාකච්ඡුා කිරීමේ ඉඩකඩ ලබා ගැනීම

මේ වන විට කොටි ජාත්‍යන්තර ජාලය සතුව අතිවිශාල මුදල් සම්බාරයක් ඇත. ස්විස් බැංකු දෙකකට මෙම මුදල් බැර වී තිබේ. එවන් තොරතුරු අනාවරණය වූ අවස්ථාවේ උපායශීලී ලෙස කොටි තහනම ඉවත් කිරීමේ නඩු ගොනු කරන බව හෙළි වී ඇත.

ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු දෙකක්ද පවරා තිබේ. එහෙත් මේ දක්වාම ජාත්‍යන්තර අධිකරණය ඊට ප‍්‍රතිචාරය දක්වා නොමැත.

මෙම නඩුවලින් කොටි අපරාධ කළ බව පිළිගෙන ඇත. මෙයට වසර ගණනකට පෙර යුරෝපා සංගමයට අයත් රටවල් 25ක් වේ. කොටි තහනම් යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ රටවල් 7ක් ඊට එක`ග වූයේ නැත. එහෙත් ඇමෙරිකානු බලපෑම මත 2006 මැයි 29 වැනිදා කොටි සංවිධානය තහනම් කිරීමට එම රටවල් අද එක`ග වී ඇත.

කොටි තහනමට එරෙහිව සටන් විරාම නිරීක්‍ෂණ කමිටුවේ ප‍්‍රධානියා වූ ස්ටීවන් මේජර් ජනරාල් උයිස් ගෙන්රික්සන්ද විරුද්ධ වූ බව පසුව වාර්තා විය. වර්ෂ 2006 සිට 2021 දක්වා කාලය වසර 15කි. මේ කාලය තුළ කොටි තහනම ඉවත් කර ගැනීම සඳහා විදේශ නීතිවේදීන් රැසකගේ සහය ලබා ගැනීමටද කොටි ඩයස්පෝරාව ක‍්‍රියා කළේය.

එහෙත් ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක විය. මේ අතර නෙදර්ලන්තයේදී කොටි ජාත්‍යන්තර ජාලයේ ගිණුම් තබන්නා ලෙස හැඳින් වූ සෙල්ලයිියා අසුවිය. ඔහු යූරෝ මිලියන ගණනක් කප්පම් වශයෙන් ලබාගෙන ඇතැයි හෙළි විය.

නෙදර්ලන්තයේ දිසා අධිකරණය විසින් ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් පවතින බවට පිළිගෙන තිබුණි. එසේම නෙදර්ලන්තය තුළ අරමුදල් එකතු කිරීම නීතිවිරෝධී බව දිසා අධිකරණය තවදුරටත් දන්වා ඇත.

යුරෝපා අධිකරණය තවදුරටත් කොටි තහනම ක‍්‍රියාත්මක කළත් යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියා කරයි. මෑතකදී යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරනු ලැබීය. එසේම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළද කොටි හිතවාදී මන්ත‍්‍රීවරු රැුසක් පසුගිය සතියේදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරියේ මියගිය කොටි මිනිමරුවන් සැමරීමට ක‍්‍රියා කර තිබුණි. කොටි සංවිධානය තහනම් වූවත් බි‍්‍රතාන්‍ය රජය එයට කි‍්‍රයාත්මක වීමට ඉඩදීමද පුදුමයකි. පාර්ලිමේන්තුව ඉදිරියේ නියගලා මල් තැබූ කොටි මියගිය කොටි සැමරීමට ක‍්‍රියා කළහ. එහෙත් බි‍්‍රතාන්‍ය අයිසිස් සහ අල්කයිදා ත‍්‍රස්තයන් සැමරීමට ඉඩ දෙන්නේ නැත.

මේ අතර කොටි තහනම නොතකා ඩෙන්මාර්ක් රජයද ගර්නිකින් සහ ගොල්බාක් නගරවලදී කොටි සමරුව පැවැත්වීමට පමණක් නොව 2008 දී ප‍්‍රභාකරන්ගේ කතාව ප‍්‍රචාරය කිරීමට ඉඩ දුන්නේය. එම කොටි සමරුවට එරට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්‍ෂ විපක්ෂ දේශපාලනඥයන් කීපදෙනෙක් ද සහභාගී වී ඇත.

මෙම කොටි සමරු උත්සවවලදී ශ‍්‍රී ලංකාවේ ඊළම් සිහිනය තවදුරටත් පුළුල් වී ඇති අයුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් එරට ඇති ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කිසිදු විරෝධයක් එල්ල වී නැත. මෙවන් පසුබිමක් මැද යුරෝපා අධිකරණයේ තීන්දුව ලියවිල්ලට පමණක් සීමා වී ඇතැයි තහවුරු වේ.

යුරෝපා අධිකරණය කොටි සංවිධානය තහනම් කළත් යුරෝපා සංගමය අනුගමනය කරන්නේ ද්විත්ව පිළිවෙතකි. යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු රැුසක් කොටි ත‍්‍රස්තවාදීන්ගේ සමරු රැුස්වීම් අමතද්දී අධිකරණ තීන්දු කෙරේ සැලකිල්ලක් නොදක්වන බව පැහැදිලිය.

යුරෝපා පාර්ලිමේන්තුවේ සිටින බාබරා ලොග්බිලර් නැමැති මන්ත‍්‍රීවරියද එවැනි තැනැත්තියකි.

ඇය විවාහ වී සිටින්නේ මෙරටින් ජර්මනියට පැන ගිය අයකු සමගය. මෙවන් පසුබිමක් මැද යුරෝපා රටවල් තවදුරටත් කොටි ක‍්‍රියාකාරීන්ව සුරතල් කරන බව තහවුරු වේ.

එසේම ස්විට්සර්ලන්තය යුරෝපා සංගමයට අයත් නොවූවත් කොටි සංවිධානය තහනම් කර නැත. ස්විස් අධිකරණය කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස පිළිනොගෙන අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවන්ට ප‍්‍රැන්ක් මිලියන පහක වන්දියක් ලබාදෙන ලෙස නියෝග කරනු ලැබීය. මේ හැර මෙරට රාජ්‍ය නායකයන් යුද අපරාධකරුවන් ලෙස දක්වමින් ඔවුන්ගේ ඡුායාරූප ජිනීවාහි බිම් බෝම්බ සංකේතය වූ පාද තුනේ පුටුව ඉදිරියේ ප‍්‍රදර්ශනය කිරීමටද ස්විස් රජය ඉඩ දී තිබේ. එහෙත් අයිසිස් අල්කයිදා නායකයින්ගේ ඡුායාරූප ප‍්‍රදර්ශනය කිරීම තහනම් වේ.

ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම මෙහෙය වූ මිනීමරු ත‍්‍රස්ත නායක ප‍්‍රභාකරන්ගේ ඡුායාරූප මෙන්ම ඔහුගේ දේශන ඇතුළත් පටිගත කළ කතා මුළු යුරෝපය පුරා ප‍්‍රකාශයට පත් කිරීමට කොටි හිතවාදීහු ක‍්‍රියා කිරීම යනු ත‍්‍රස්තවාදය අනුමත කිරීමකි. එහෙත් යුරෝපයේ කිසිම ආණ්ඩුවක් මේ ගැන අවධානය යොමු කර නොමැත. මේ ක‍්‍රියාදාමය හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර්ටද කරන අවමානයකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රභාකරන් ඝාතනය වූවත් ප‍්‍රභාකරන් යුරෝපා රටවල ජිවමාන කිරීමට කොටි හිතවාදීහු ක‍්‍රියා කරති. එහෙත් යුරෝපා සංගමයේ දූත කණ්ඩායම් මෙරටට පැමිණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හඬ න`ගා ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසද ඉල්ලා සිටිති.

යුරෝපා රටවල් කොටි හිතවාදීන්ට ත‍්‍රස්තවාදීන් සැමරීමට ඉඩදීම ගැන ශ‍්‍රී ලංකා රජයද එම රටවල්වලට විරෝධය දක්වන්නේ නැත. මෙවැනි දේ සිදුවන අවස්ථාවේ අපේ තානාපතිවරුද බලාසිටිති.

මේ අතර ප්ලොට් සංවිධානයේ නෝර්වේ ප‍්‍රධානි රාජන් සිවරාජන් යුරෝපා සංගමය කොටි සමරු උත්සව පැවැත්වීමට ඉඩදීම ගැන එරෙහි විය.

වසර කීපයකට පසු මෙරටට පැමිණි ඔහු පැවසුවේ තම සංවිධානය කොටි උත්සව මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

නෝර්වේ කොටි උත්සව පැවැත්වූ බව සිවිල් වැසියන් සැමරීමට නොව මියගිය ත‍්‍රස්තවාදීන් සැමරීමටය. මේ බව යුරෝපා රටවල ආණ්ඩු අවබෝධ කරගෙන නැතැයි ඔහු කියා සිටියේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment