මෙවර ලීග් රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනාගනිමින් ඒ සඳහා පිරිනමන ලද “නිපොන් පේන්ට් අභියෝග කුසලානය” හිමිකර ගැනීමට අගනුවර ලොන්ඩන් පෙදෙසේ පිහිටි “සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය” සමත් වූයේ වර්ෂ 26 කට පසුවය.
එකී අනුශූරතාව මහනුවර සමාජය සතුවිය. සී. ආර්. පිල හැර අනෙකුත් සියලු කණ්ඩායම් පරාජය කිරීමට මහනුවර පිල සමත් වුවද එය මෙවර කුසලානයට අත පෙවීමට තරම් ප්‍රමාණවත් නොවීය. පසුගිය 26 වසර තුළ 23 වතාවක්ම ශූරතාවයට හිමිකම් කියූ මහනුවර ක්‍රීඩා සමාජය පරාජය ලබා ඇත්තේ වසර 03 කදී පමණි.
මෙවර තෙවන ස්ථානය හැව්ලොක්ස් පිලට ද සිව් වැනි ස්ථානය සී. එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට ද හිමි විය.
තරග 28 කින් සැදුම්ලත් වූ මූලික වටයේ ප්‍රතිඵල අනුව අවසන් ස්ථාන 04 හිමි වූ කණ්ඩායම් අතරේ පැවති “පලඟ” අංශයේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට පොලිසිය සමත් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර