රටේ සිස්ටම් එක හැමදාම හොරු රජ වීමයි මෙය වෙනස් කළ යුතුයි

3

දෙවන පරපුර ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර කෑගල්ලේදී කියයි

අද මේ රටට දේශපාලන වෙනසක් අවශ්‍යයි. මේ තියෙන සිස්ටම් එකේ හොරු ටික තමා රජ වෙන්නේ. මොන පක්ෂය බලයට ආවත් හොරු ටික එකතු වෙලා ඇමැතිකම්

ගන්නවා. අපි මෙම ක්‍රමය වෙනස් කරන්න උත්සහා ගන්නවා. නමුත් මෙම ක්‍රමය වෙනස් කරන්න සමහරුන්ට වේදිකාවක් නෑ. අපි ඒ වේදිකාව හදනවා. වසර ගණනාවක් අපි මේක දැකලා තමා දෙවන පරපුර ව්‍යාපාරය හැදුවේ. අපි දෙවන පරපුර ව්‍යාපාරය කිසිම පක්ෂයක් සම්බන්ධ නැතිව ගොඩනගන්නේ. අද එය සාර්ථක වෙලා. අද සියලු‍ පක්ෂ ජනතාවට එපා වෙලා තියෙන්නේ. අලු‍ත් දෙයක් හොයනවා. අද වෙනදේ එදා අපි දැක්කා. දැකලා තමා දෙවන පරපුර නිර්මාණය කළේ යැයි දෙවන පරපුර ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

විජේවීර මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ 30දා කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ දෙවන පරපුර දිස්ත්‍රික් කාර්ය්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් පැමිණ සිට ජනතාව අමතමිණි. එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ කීය.

අපිට මෙම කටයුත්ත ඉදිරියට ගෙනියන්න හරි ලේසි පක්ෂයක් සමග එකතු වුණා නම්. නමුත් එසේ නොකර පුංචි තැන ඉදන් නිවැරදි දිශාවකට අපි ගමන් කරනවා. එතන තමා දෙවන පරපුරේ වෙනස තියෙන්නේ. මේ දේශපාලන ව්‍යාපාරයේ නිල්, කොළ, රතු, කහ සෑම දේශපාලන පක්ෂයකම හොඳ මිනිසුන්ට එකතු වෙන්න පුලු‍වන්. හොරු ටිකට පුලු‍වන්නම් හැමදාම එකතු වෙලා මිනිසුන් රවටන්න. හැම පක්ෂයකම හොරු ටික පාර්ලිමේන්තුවේදී එකතු වෙනවා. නිල් කොළ රතු කහ පක්ෂවලින් පාර්ලිමේන්තු යන්නේ නමුත් ආණ්ඩුව ඇතුලේ එකතු වෙනවා. ඇමැතිකම් ගන්නේ මේ එකම පිරිස තමා. හැමදාම ජනතාවගෙන් ඡන්දය අරන් ඇතුලට ගියාම හොරු සෙට් එක එකතු වෙනවා. එය මේ රටට ගැලපෙන්නේ නෑ. රටට ආදරය කරන ඕනෑම කෙනෙකුට පුලු‍වන් අපිත් සමග එකතු වෙන්න. අපි සහතික වෙනවා අපි කිසිම පක්ෂයකට ගැති වෙලා නෑ. නමුත් සෑම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට ආරාධනා කරනවා.

1948 නිදහස ලබාගත්තායින් පසුව මේ රටට ජාතික ප්‍රතිපත්තියක් හැදුනේ නෑ. ඒ ඒ පාලකයන්ගේ කාලවල එක එක් ප්‍රතිපත්ති හැදුනා. නමුත් රටකට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. ඉලක්කයක් තියෙන්න ඕනෑ. එහෙම ඉලක්කයක් නැතිව කලින් කලට පත්වන නායකයා අනුව ඔහුගේ ප්‍රතිපත්තිය මිස රටට අවශ්‍යය වැඩ පිළිවෙළක් හැදෙන්නේ නෑ මෙම අවස්ථාවට එක් වූ දෙවන පරපුර ව්‍යාපාරයේ කෑගල්ල දිස්ත්‍රික් නායක කමල් නවරත්න මහතාද පැමිණ සිටි පිරිස අමතන ලදී.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment