වෛද්‍ය පැතුම් කර්නර් මහතා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන අතරතුර ඩුබායි ගුවන්තොටුපළේදී පැය 2කට ආසන්න කාලයක් සූම් තාක්‍ෂණය ඔස්සේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රතිසංස්කරණ සඳහා මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් සමග සාකච්ඡාවකට එක්විය.
ඔහුගේ හරිත පක්‍ෂය වෙනුවෙන් එම පක්‍ෂයේ මෙරට සිටින එහි සභාපති නීතිඥ සඳමාලි රත්නායක, පක්‍ෂයේ ලේකම් තාරුක රණවීර, සමිත් පතිරණ, චාමර විජේසූරිය, තමාලි රංගජීව යන මහත්ම මහත්මීහු ද සූම් තාක්‍ෂණය ඔස්සේ සහභාගි වූහ.
වෛද්‍ය පැතුම් කර්නර් මහතා මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර නුදුරේදීම ඒ මහතා හා සමගි ජනබලවේග සංවිධානයේ නායකයන් හා මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.