රඟපෑමට එන්න කලින් රජයේ රස්සාවක් කළා…
ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා. මේ දවස්වලත් එහෙම අලුත්ම මුහුණක් එකතුවෙලා තියෙනවා ඔයාල දකිනවා ඇති. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන හසුන් සමීර අධ්‍යක්ෂණය කරන ලද රට පවුල ටෙලිනාට්‍යය හරහා ද ටෙලිනාට්‍ය කලාවට අලුත්ම මුහුණක් එකතුවෙලා තියෙනවා. ඇය නමින් ප්‍රශා මිචෙල්. මේ දවස්වල ඔයාල ඇගේ තොරතුරු විමසනවා ඇති කියලා අපි හිතනවා. ඒ නිසා ඔන්න අපි ප්‍රශාගේ තොරතුරු ඔයාලට කියන්න අවස්ථාවක් උදාකර දුන්නා.
මුලින්ම කියන්නකො බලන්න ප්‍රශා මිචෙල්ගේ විස්තර ටිකක් ?
මගේ නම ප්‍රශා මිචෙල්. මම දැනට රංගන කේෂ්ත්‍රයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
රට පවුල හම්බ වුණේ කොහොමද?
රට පවුල නාට්‍යයට මම සම්බන්ධ වෙන්නෙ සංගීත් කුරේරා අයියාගේ මාර්ගයෙන්. එයා තමයි මෙහෙම නාට්‍යයක ප්‍රධාන චරිතයක් තියෙනවා, ඒ අවස්ථාව අරගෙන බලන්න කියලා කිව්වෙ.
මේක ඔබේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම නේද?
ඔව්. මේක තමයි මගේ රංගන දිවියේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම.
රට පවුලේ අප්සරාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?
මේ වෙනකොට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම නරක ප්‍රතිචාරත් තියෙනවා. මේක මගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම. ඒ නිසා අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
මුලින්ම කැමරාවක් ඉස්සරහට ගියහම මොකද හිතුණේ ?
හිතේ ලොකු තිගැස්මක් තිබුණා කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් මගෙ ලොකුම හීනයක් වුණ නිසා ආසාවෙන් ඒ දේට සම්බන්ධ වුණා.
රට පවුල හම්බවෙන්න කලින් මොනවද කළේ?
රට පවුලට සම්බන්ධ වෙන්න කලින් මියුසික් වීඩියෝ කීපයකම රඟපාලා තියෙනවා.
රඟපෑම් හදාරලා එහෙම තියෙනවද ?
නැහැ.නමුත් මම හිතනවා රංගනයෙන් ඉදිරියට යන්න නම් ඒ පිළිබඳ හැදෑරීමක් තියෙන්නම ඕනෑ කියලා. ඉතින් ඉදිරියේදී රංගනය පිළිබඳව හදාරන්න මම බලාපොරොත්තු වෙනවා.
මුල්ම ටෙලිනාට්‍යයේ ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න හම්බවෙනවා. කොහොමද ඒ අත්දැකීම්?
හරිම සතුටුයි. මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්. ජයනි අක්කා, සනත් අයියා, අකලංක අයියා වගේ කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් රැසක් රට පවුල හරහා මට මුණගැසුණා. ප්‍රවිණයන් වුණ මේ හැමෝගෙන්ම මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා.
අධ්‍යක්ෂ හසුන් සමීර ඔබේ රඟපෑම් ගැන මොනවද කිව්වේ ?
රංගනයට මම අලුත් නිසා අධ්‍යක්ෂ සමීර අයියා හැමතිස්සෙම මගේ අඩුපාඩු පෙන්වලා දීලා නිවැරදි කරන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා ඉදිරියට යන්න.
ඉස්සරහට දිගටම රඟපාන්නද කල්පනාව?
ඔව්. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා රංගනයෙන් ඉදිරියට යන්න ආසයි. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.
රඟපාන්න ආවේ නැත්නම් මේ වෙනකොට මොනවද කරන්නේ?
මම රංගන කේෂ්ත්‍රයට එන්න කලින් රජයේ රැකියාවක නිරත වෙලා හිටියා. රඟපෑමට ආවේ නැතිනම් මම හිතන්නෙ ඒකෙම දිගටම රැඳෙයි කියලා.
ප්‍රශා මිෂෙල් කියන්නේ මොන වගේ චරිතයක්ද ?
හරිම සරල චරිතයක්. ඒ වගේම ගොඩක් නිහඬ කෙනෙක්.
කියමුකෝ බලන්න පවුලේ විස්තර එහෙම?
මගේ පවුලෙ විස්තර ගැන කතා කළොත් මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි.
රඟපෑමේදී සීමාවන් එහෙම තියෙනවද?
ඔව්. අනිවාර්යයෙන්ම, මම පෞද්ගලිකව කරන්න අකැමති දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම ඒ සීමාවන් ඉක්මවා වැඩ කරන්නේ නෑ.
විලාසිතාවලට මොන වගේ නැඹුරුවක් ද තියෙන්නේ?
මම හරි ආසයි ලස්සනට අඳින්න. ඒ වගේම මට ගැළපෙනවා කියලා හිතන හැම දෙයකටම මම ට්‍රයි කරනවා.
සිනමාවට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවාද?
ඔව්.සිනමාව කියන්නෙ වෙනම අත්දැකීමක්. ඉදිරියේදී ඒ සඳහා ආරාධනාවක් ලැබුණොත් භාර ගැනීමට අදහසක් තියෙනවා.
ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. කෙටි කාලයක් ඇතුළත මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙලා මිනිස්සු අතරට යන්න පුළුවන් වුණ එක මම හිතන්නෙ ලොකු වාසනාවක්. අනික මේක හැමෝටම හම්බවෙන්නේ නැති අවස්ථාවක්.
පුංචි කාලේ හීන මැව්වේ කවුරු වෙන්නද?
ව්‍යාපාර අංශයෙන් ඉදිරියටම යන්න තමයි පොඩි කාලේ ඉඳන් ආසවෙන් හිටියේ. ඒත් දැනට ඒක හීනයක්මත් නෙමෙයි.
රඟපෑමට ගෙදරින් ලැබෙන සහාය ?
මටත් වඩා එයාලට තමයි මාව නිළියක් විදියට දකින්න ආස වෙලා තිබුණේ. පුංචි තිරයේ මගේ රඟපෑම් නරඹලා එයාලා ගොඩක් සතුටු වෙනවා.
මේ ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා එනවා ඇතිනේ?
ඔව්. ඒක සාමාන්‍යයිනේ.
දිනේෂ් විතාන
ඡායාරූප – දේවින්ද ලංකේෂ්