සංග්‍රාම භූමියේදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හා සිවිල් වැසියන්ට පිං පැමිණවීමක් යුද්ධය නිමකරලීමට නිවැරදි රාජ්‍ය නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
එම පිංකමට ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. අනුශාසනාව පැවැත්වීම, පිරිස පන්සිල්හි පිහිටුවීම ආචාර්ය කිරින්දේ අස්සජි මාහිමිපාණෝ සිදුකළහ.