පාලම කඩාගෙන ලොරිය ඔයට

396

දඹගල්ල පොලිස් වසමට අයත් මීගහපිටිය, කෝට්ටගල මාර්ගයේ කිලෝ මීටර් 10 සහ 11 කණුව අතර පිහිටි මාගන්දා ඔය පාලම හරහා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පාලම කඩාගෙන ඔයට පෙරළී ඇත.

දැව කඳන් තොගයක් පටවා ගෙන ධාවනය වෙමින් තිබූ ටෙන්වීල් වර්ගයේ ලොරි රථය මාගන්දා ඔය ප්‍රදේශයේ සිට කෝට්ටගල ප්‍රදේශයට ගමන්කරමින් තිබිය දී පාලමේ දකුණු පස මාර්ගයේ අඩක් කැඩී ඔයට පෙරළී ඇත.

මෙම අනතුරින් ලොරි රථයේ රියැදුරුට සහ සහායකට තුවාල සිදුවී නැත.

දැනට එම මාර්ගයේ වාහන ගමනා ගමනය ඇනහිට තිබෙන අතර එම මාර්ගය හරහා ධාවනය වන එකම බස් රථය නතරවීම නිසා පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

පාලම කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ප්‍රදේශවාසීන් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment