රත්මලානේ ඛේදවාචකයක්: – හොරෙන් ගෙට පැන්න පියා පුතා මරා බිරිඳටත් කඩුවෙන් කොටලා

688

ඊයේ (11 දා) අලුයම රත්මලාන, මාලිගාව පාරේ නිවසකට රහසිගතව ඇතුළු වූ පියකු නිදාගෙන සිටි සිය පුතා කපා කොටා ඝාතනය කර, බිරිඳට කඩුවෙන් හා පිහිවලින් පහර දී මරණීය තුවාල සිදුකර පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන, මාලිගාව පාර අංක 166/ඒ, නිවසේ පදිංචිව සිටි 26 හැවිරිදි ලහිරු ලක්ෂාන් නමැති තරුණයෙකි.

සැකකාර ඝාතකයාගේ 54 හැවිරිදි බිරිඳ බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත.

ඝාතනය සිදු කළ පියා වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිට ඇති බව ද අනාවරණය වී ඇත.

අලුයම ඝාතනය සිදු කළ පියා පැය ගණනක් නිවස අසල මල්ගස්වලට මුවාවී රැඳී සිට නිවසේ සිටි ආච්ච් අම්මා පිටව ගිය පසු නිවස තුළට පැන සිය පුතු ඝාතනය කර බිරිඳට මරණීය තුවාල සිදු කර පලා ගොස් ඇත.

අනතුරුව අසල්වාසීන් නිවසට ඇතූළු වී බරපතල තුවාල ලබා සිටි මව හා පුතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ බවත් ඒ වන විටත් පුතු මිය ගොස් තිබූ බවත් අසල්වැසි ඥතියෙක් පැවසීය.

සිද්ධියෙන් පසු සැකකාර පියා ප්‍රදේශය හැර පලා ගොස් ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශන්න බ්‍රහ්මණගේ , පොලිස් අධිකාරී 2 රෝහාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් , කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න යන මහත්වරුන් ඇතුළු අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

අපරාධය සිදුවූ මාලිගාව පාර නිවසේ පරීක්ෂණ සිදු වෙමින්…


advertistmentadvertistment