රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් වෙතින් අඛණ්ඩ සහය

10

රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ ඇල්පිටිය ප්‍රදේශයේ දිවිතුර ශ්‍රී ධම්මතිලක මහා විද්‍යාලයයි.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක් නිෂ්පාදනය කරන සියැට්-කැලණි සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගන්නේ, පවුල් 10,000ක් යැපෙන දේශීය රබර් නිෂ්පාදකයින්ගෙනි. එම රබර් වගාකරුවන්ගේ දරුවන් 236 දෙනෙකු වෙත මෙම පාසල් වලදී පාසල් බෑග් සහ සපත්තු ලබා දීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරිණි.

‘සියැට් කෙයාර්ස්’ ප්‍රජා ව්‍යාපෘතිවල මුලපිරීම්හි එක් කොටසක් ලෙස මතුගම අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් දෙකක දරුවන් 119 දෙනෙකුට ප්‍රතිලාභ ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment