රඹුක්කන හා කෑගල්ලෙන් කෝටි 6ක දේපොළ සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

167

වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රට පුරා දියත් කර ඇති යුක්තියේ මෙහෙයුමට අදාළව කෑගල්ල හා රඹුක්කන යන ප්‍රදේශවල පෙරේදා (20දා) කරන ලද මෙහෙයුම්වලින් රුපියල් කෝටි 6ක දේපළ හා මත්ද්‍රව්‍ය සොයා ගත් බව කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්‍ෂ මහතා පැවසීය.

රුපියල් දෙකෝටි දොළොස් ලක්‍ෂ හැත්තෑ අටදහස් හත්සියක හෙරොයින්, රුපියල් හැටතුන් ලක්‍ෂ හැටහය දහස් අටසියයක අසිස්, රුපියල් කෝටි 3ක පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක්, මෝටර් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලීලසේන, පොලිස් අධිකාරි චන්දන කන්දෙවත්ත මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උ.පො.ප. තාරක ධර්මරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක්වී තිබේ. අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කෑගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

කෑගල්ල – එම්. බී. පහළවත්ත, කෑගල්ල අතිරේක – රෝහණ දිසානායක


advertistmentadvertistment