ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලු‍ම් සේනානායක, විධායක අධ්‍යක්ෂ ධූරයට

64

ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කැලු‍ම් සේනානායක මහතා එම සමාගමේ, ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියදා පත්කෙරුණි.

ඒ, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේද අනුමැතිය සමඟිනි. ආචාර්ය සේනානායක, 2021 මාර්තු මාසයේදී ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වූ අතර, ඔහුට රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි අත්දැකීම් ඇත. රක්ෂණ වෘත්තීකයෙකු ලෙස MDRT (Million Dollar Round Table) සන්ධිස්ථානය ශ්‍රී ලංකාව තුල දින 133කින් ළඟාකරගත් ඒ මහතා, මෙරට රක්ෂණ කර්මාන්තය තුළ MDRT සන්ධිස්ථානය මෙලෙස ළඟාකරගත් පළමු සහ එකම ප්‍රධාන විධායක නිලධාරීවරයා වීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment