රූපවාහිනී රූ කුමරියන් අතරින් නවලිය ජනප්‍රිය කුමරිය කහතුඩුවේ රන්දිකා

283
නවලිය කර්තෘ හරින්දී ලියනගේ ජයග්‍රාහිකාවට තිළින ප්‍රදානය කරමින්

රූපවාහිනී රූ කුමරිය ජා ඇල කොටුගොඩ චාමිනී

අඛණ්ඩව 6 වන වරටත් නවලිය නිල මුද්‍රිත අනුග්‍රහය ලබාදුන් රූපවාහිනී රූ කිරුළ පසුගියදා රූපවාහිනී පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී රූපවාහිනී රූ කුමරිය ලෙස අභිෂේක ලැබුවේ කොටුගොඩ පදිංචි චාමිනී අනුරාධා රූ කුමරියයි. එහි දෙවන ස්ථානය කඩවත තමාෂා අමරසිංහ රූ කුමරියටත් තෙවැනි ස්ථානය නිට්ටඹුවේ ඉමාෂි මහේෂිකා රූ කුමරියටත් හිමිවිය.

චාමිනී අනුරාධා රූ කුමරියගේ ඔටුනු පැළඳවීම 2022 වසරේ රූපවාහිනී රූ කුමරිය වූ අයේෂා නෙත්මිනී විසින් සිදුකළ අතර එම අවස්ථාවට රූපවාහිනී සභාපති ඩබ්. බී. ගනේගල, අධ්‍යක්ෂ ජෙනරාල් අසංග ජයලත් ඇතුළු රූපවාහිනියේ විධායක නිලධාරීන් රැසක් සහභාගි විය.

සති හතක් පුරා නවලිය පුවත්පතේ පළ වූ කූපනය පුරවා එවා නවලිය පාඨක මනාපයෙන් නවලිය ජනප්‍රිය කුමරිය බවට පත්වූවේ කහතුඩුවේ රන්දිකා මධුෂානි රූ කුමරියයි. ඇයට හිමි ඔටුනු පැළඳීම, සාටකය පැලැන්දීම සහ මල් කළඹ ප්‍රදානය නවලිය කර්තෘ හරින්දී ලියනගේ විසින් සිදුකරනු ලැබීය.

රූපවාහිනී රූ කුමරියන් අතරින් නවලිය ජනප්‍රිය කුමරිය කහතුඩුවේ රන්දිකා

නවලිය ජනප්‍රිය කුමරියට හිමි ත්‍යාග ලෙස සිංගර් ෆැෂන් ඇකඩමි වෙතින් ලබාදුන් ලක්ෂයක් වටිනා ෆැෂන් ඩිසයින් හැදෑරීමේ ශිෂ්‍යත්වයක, International Academy of beauticians වෙතින් රුපියල් 85,000 ක් වටිනා ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාවක්, රුපියල් 45,000 ක් වටිනා සිංගර් පෝටබල් මහන මැෂිමක්, රුපියල් 5000 ක් වටිනා කැන්ඩොස් තෑගි පාර්සලයක් සහ වසරක් පුරා නවලිය පුවත්පත නොමිලේ ලැබීමට සැලැස්විණි.

මෙවර රූ කිරුළ විනිශ්චය මණ්ඩලය ලෙස 2005 මිස් යුනිවර්ස් ෆෝ මිස් ශ්‍රී ලංකා රොසෑන් ඩයස්, ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, මිස් ශ්‍රී ලංකා 2006 – වසරේ නිරූපිකාව චුල් පද්මේන්ද්‍රා, ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ විධායක සාමාන්‍යාධිකාරී ඇමැන්ඩා ෆෙරෙයිරා, ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ සන්නාම තානාපති රංගන ශිල්පී රොෂාන් රණවන සහ මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් රංගන ශිල්පිනී උදාරි පෙරේරා එක්විය. රූ කිරුළ තරගාවලියේ නිවේදන කටයුතු අචලා කරුණාරත්න සහ මනෝජ් උදටියාවල විසින් සිදුකරනු ලැබීය.

එරංදි කෞශල්‍යා
ඡායාරූප – සුජාතා ජයරත්න
ඩයන් ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment