අඛණ්ඩව 21 වැනි වරටත් පවත්වනු රයිගම් ටෙලීස් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් එළැඹෙන 2025 වසරේ මාර්තු 29 වැනිදා කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. රයිගම් ටෙලීස් නිර්දේශිත නාම උළෙල 2025 පෙබරවාරි මස 28 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව 2024 වර්ෂයට අදාළ ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන සහ රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා අයැදුම්පත් භාරගැනීම මේ දිනවල සිදුකෙරේ.

සියලු නිර්මාණයන් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් හමුවේ තෝරා ගැනීම සිදුකෙරෙන අතර, බුද්ධදාස ගලප්පත්ති – (සභාපති), මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය රෝහිණී පරණවිතාන, රවීන්ද්‍ර ගුරුගේ, ආචාර්ය හංසමාලා රිටිගහපොල, ජයනාත් ගුණවර්ධන, රංග දසනායක, සමන් වික්‍රමාරච්චි, සුදත් දේවප්‍රිය, අබ්දුල් හමීඩ් යන මහත්ම මහත්මීහු මේ සඳහා එක්වෙති.

අයදුම්පත් සමග තම නිර්මාණ VOB හෝ Mpeg වර්ගයේ CD, DVD මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය. රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය, අංක 23, වාලුකාරාම පාර, කොළඹ 03. Lapro Technologies අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල,කොළඹ 03. ත්‍දං ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව වෙත එවිය යුතුය.

රයිගම් ටෙලීස් 2024 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම 2025 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වන අතර වැඩිදුර තොරතුරු 074 4061 508, 074 4062 254 යන දුරකථන අංක මගින් හෝ www.raigamtelees.lk යන වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත් රයිගම් ටෙලීස් නමින් ජංගම දුරකථන යෙදවුමක් ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම play store හරහා බාගත කරගත හැක. 2025 පෙබරවාරි මස 28 වැනිදා සිට 2025 මාර්තු මස 28 වැනිදා මධ්‍යම රාත්‍රී දක්වා මෙම එස්. එම්. එස්. මත විමසුම විවෘතව පවතී. එස්. එම්. එස්. යොමු කළ යුතු දුරකථන අංක ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලැබේ.

දිනේෂ් විතාන


advertistmentadvertistment