රාජිතට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය සැප්තැම්බරයේ

66

රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු පදනම මත ලබාදුන්නේ යැයි කියන චෝදනා යටතේ හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා (13දා) දින නියම කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ එම නඩුව (13දා) කැඳවූ අවස්ථාවේදී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙන්ම සෙසු විත්තිකරුවන් වන වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරු ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. පැමිණිල්ල විසින් පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ඉදිරිපත් කොට ඇති එම නඩුවට පාදක වූ කරුණු සහිත විගණකාධිපතිවරයා විසින් 2016 වසරේ නිකුත් කරන ලද විගණන වාර්තාවෙන් විත්තියට ලබාදී ඇත්තේ පිටු දෙකක් පමණක් වන බැවින් සෙසු පිටු ඇතුළත් සම්පූර්ණ වාර්තාව ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විනිසුරුවරයාට පැවැසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment