දක්ෂිණ අධිවේගියේ කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේම ගාලු දෙසට ගිය මෝටර් රථය අල්ලයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා මධ්‍යස්ථානය ආසන්නයේදී කොළඹ දෙසට ගමන් කරන මංතීරුවක ගාල්ල දෙසට මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගාල්ලේ සිට කොළඹ දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. මෙම පුද්ගලයා වැලිපැන්න සේවා මධ්‍යස්ථානයේදී සිය රියැදුරා වැසිකිළියට ගිය අවස්ථාවේ මෝටර් රථය රැගෙන මෙලෙස වැරදි මංතීරුවේ ධාවනය කර ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි. මෙම සිද්ධිය අධිවේගි මාර්ගයේ ගමන් ගත් තවත් මෝටර් රථයක තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන් වී ඇතැයිද පොලිසිය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර