රුපියල් කෝටි 18ක් වටිනා රත්තරන් ජෙල් සමග හයදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

1

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරුවල ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රේගු නිලධාරීන් විසින් පෙරේදා (25 දා) දින අත්අඩංගුවට ගෙන තිබේ.

කල්මුණේ, මූතූර්, කොළඹ – 10, කළගෙඩිහේන් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල නිරතවන පුද්ගලයන් හය දෙනෙකි.

මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් අතරින් පුද්ගලයන් සිව් දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරුවල හා ගුද මාර්ග තුළත්, තවත් දෙදෙනෙකු තම ගමන් මලු තුළත් මෙම රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 මෙරටට ගෙනැවිත් තිබිණි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ඉන්දික සිල්වා මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදුකර තිබූ අතර මොවුන් 26 දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment