රුමටොයිඩ් ආතරයිටිස් යනු Autoimmune රෝගයක්ද?

235

අද සමාජයේ බොහෝ දෙනාට තිබෙන පීඩාකාරී, වේදනාකාරී රෝගී තත්ත්වයක් ලෙසද සුවකළ නොහැකි රෝගී තත්ත්වයක් ලෙසද මතයක්ව පවතින රෝගී තත්ත්වයක් ලෙස රුමටොයිඩ් ආතරයිටිස් හැඳින්විය හැකිය. මෙය “ඔටෝඉමියුන්” රෝගයක් ලෙස හඳුනාගෙන ඇත.

“ඔටෝඉමියුන්” යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අක්‍රමතාවකින් ඇතිවන රෝග කාණ්ඩයකි. එහිදී අධි ක්‍රියාකාරී වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශරීරයේ නිරෝගී සෛලවලට පහරදීමක් සිදුකරයි. එම පහරදීමට ලක්වන සෛල කාණ්ඩය අනුව, ඔටෝඉමියුන් රෝග ලෙස නම්කෙරේ. මේ වනවිට ඔටෝඉමියුන් කාණ්ඩයට අයත් රෝග වර්ග 80ක් පමණ නිශ්චිතව හඳුනාගෙන තිබේ.

සමාජයේ බහුලව දැකිය හැකි ‘ඔටෝඉමියුන්’ රෝග ලෙස රුමටොයිඩ් ආතරයිටිස්, සොරයිසිස්, Systemic lupus, Multiple sclerosis,Type 1 diabetes, Psoriatic Arthritis, Thyroid Disease දැකිය හැකිය. රුමටොයිඩ් ආතරයිටිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අක්‍රමතාවය නිසා සන්ධිවලට ඇති කරන පහර දීම නිසා පහර දීමට ලක්වන සන්ධිය ඇතිවන ප්‍රදාහන තත්ත්වය අප රුමටොයිඩ් ආතරයිටිස් ලෙස නම් කෙරේ.

රෝග ලක්ෂණ

සන්ධිවලට ඇතිකරන දැඩි ප්‍රහාරය නිසා ඇතිවන ප්‍රදාහන තත්ත්වය එම සන්ධිය විනාශ කිරීමක් ඇතිකරනවා එහිදී වේදනාව, ඉදිමුම, සන්ධි තදවීම, විකෘති වීම නැත්නම් ඇදවීම, රස්න ගතියක් දැනීම, තෙහෙට්ටු ගතිය, අලසකම, කේන්ති යෑම, නොරිස්සන ස්වභාවය මෙන්ම ශරීර ඇතුළත ඉන්ද්‍රියන්ටද මෙමගින් හානි සිදුවීමක් ඇතිවෙනවා. මේ නිසා හෘදයාබාධ (Heart attack) ඇස්වල දුර්වලතා, පෙනහළු දුර්වලතා, රක්ත හීනතාවය, මළබද්ධය, සමෙහි ගැටිති ඇතිවීම, ඇස්වල වියළිභාවය, උගුර වියළිගතිය මෙන්ම අත්පාද හිරිවැටීම, පාදවල ගල්තැලුම් ද දැකිය හැකි වනවා.

හේතු සාධක

රුමටොයිඩ් ආතරයිටිස් ඇතිවීමට බලපාන හේතු සාධක ‘ඔටෝඉමියුන්’ අනෙකුත් රෝගවලටද බලපාන හේතු සාධකද එකමය. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික්‍රියාකාරී වී නිරෝගී සෛලවලට හානි කිරීමටය. එසේනම් කෙනකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙසේ නිරෝගී සෛල විනාශ කිරීමට තරම් ව්‍යාකූල වීමට දැනට සොයාගෙන ඇති හේතු ලෙස මූලික වශයෙන් වර්තමානයේ පවතින පරිසරය හා ජීවන රටාවන් ලෙස ප්‍රකෝප වීමට මූලික හේතුන් ටි්‍රගර්ස් (Triggers) ලෙස හඳුන්වන අතර ඒවාට හේතු සාධක ලෙස විටමින් D මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා නොගැනීම,

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා විටමින් D ඉතා වැදගත් වේ. විටමින් D ඉතා අවම මට්ටමක ඇති එවන් අවස්ථාවකදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහසුවෙන් ඔරසටටැරි ඇතිවිය හැක. මේ අනුව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ධාරිතාවයක් පවත්වා ගැනීමට විටමින් D මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා නොගැනීම

නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට ජීර්ණ ක්‍රියාවලිය හොඳින් පැවතීම ඉතා වැදගත් වේ. නැතහොත් අර්ධ ලෙස ජීර්ණය වූ සියලු ආහාර කොටස් ආන්තික බිත්ති හරහා රුධිරයට මිශ්‍ර වීමෙන් (Leaky gut symptoms) “ඔටෝඉමියුන්” තත්ත්වයන් ඇතිවීමට ප්‍රධානම හේතුවක් වේ. එවන් ජීර්ණය නොවූ ආහාර කොටස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනවශ්‍ය ලෙස ඔරසටටැර කරවිය හැක. මෙහිදී අර්ධ ජීර්ණ ආහාර කොටස් උග්‍ර විෂ සහිත ‘ආමය’ ලෙස සැලකේ. මෙවැනි තත්ත්ව රුමටොයිඩ් ආතරයිටිස්වලට මූලිකම හේතුව වේ. එනම් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකින් ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් හා නිවැරදි කරගෙන සිටීම ඉතාම වැදගත් වේ.

වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය භාවිතය නොමැතිකම

වර්තමානයේ ආහාර බෝග සඳහා භාවිතා කරන කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම විවිධ විෂ සහිත රසකාරක භාවිතය, ආහාර කල්තබා ගැනීමට භාවිතා කරන ක්‍රම, බැර ලෝහ අඩංගු ආලේපන භාවිතය හේතු වේ. ඒවා ශරීරයේ සාන්ද්‍ර වීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔරසටටැර කරවිය හැක. එම නිසා හැකිතාක් නිවසේ වවන ආහාර, ස්භාවික ක්‍රමයෙන් ඕගනික් ආහාර ගැනීම සුදුසුය.

හෝමෝන අසමතුලිත කර ගැනීම

විශේෂයෙන්ම කාන්තාවන් අතර සුලභව ඇති විශේෂයෙන් ඊස්ටජන් හෝර්මෝනයේ අසමතුලිතතාවයෙන් ශරීරය දුර්වල අවස්ථාවන්හි ස්වයං ප්‍රතිශක්තිකරණයට ෂපපමබැ එරසටටැර හේතු විය හැක.

මානසික ආතතිය ඇතිව සිටීම

ආතතිය නිසා ශරීරයේ ඇතිවන රසායනික වෙනස්කම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ධාරිතාව බිඳවැටීමට හේතුවන බව සොයාගෙන ඇත. එවිට පහසුවෙන් අහිතකර ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයන් එරසටටැර වීමට ඉඩකඩ ලැබේ.

ප්‍රමාණවත් නින්දක් නොමැතිකම

සර්කේඩ්යන් රිදම් (Circadian Rhythm) යනු මිනිසාගේ නිද්‍රා රටාවය. පර්යේෂණවලට අනුව මිනිසාගේ එම රටාවන් අහිතකර ලෙස බිඳවැටීම, අධිකව නිදිමැරීම හා වෙහෙසට පත්වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසරණ වීමට හේතු විය හැක. එවන් අවස්ථාවකදී එය ස්වයංක්‍රීය වීමට ඉඩ සලසයි. එම නිසා ප්‍රමාණවත් නින්ද සහ විවේකයද වැදගත් වේ.

ප්‍රමාණවත් වයායාම නොමැතිකම හා සමබර පෝෂණය නොමැතිකම

වත්මන් කාර්යබහුල ජීවන රටාවේදී ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ලබාගැනීමට සෛල පරිවෘතිය නිසි ලෙස සිදුවීමටත් ප්‍රමාණවත් වයායාම හා සමබර පෝෂණ පදාර්ථ අවශ්‍යය. ඒ පිළිබඳ සැලකිලිමත් වීමද ඉතා වැදගත් වේ.

ග්ලූටන්, කිරි ආහාර (dairy) හා අසාත්මිකතා ඇතිකරන ආහාර බහුලව ගැනීමද බලපෑමක් ඇතිකරන අතර එයට ගොදුරු වූ අයටද මෙවැනි ආහාර රෝගය වර්ධනයට බලපානු ඇත.

සීනි සහිත ආහාර පාන වර්ග අධික භාවිතය.

සැකසූ සහ රතු මස්

මත්පැන් භාවිතය

ඔමේගා 6 මේද වැඩි ආහාර ගැනීම

ඔමේගා 3 මේද අඩු ආහාර අසමතුලිතව ගැනීම

ලුණු අධික ලෙස ආහාර ගැනීම

ටින් කළ, ඇසුරුම් කරන ලද ආහාර ගැනීම

රුමටොයිඩ් අතරයිටිස් මර්දනය සඳහා ගත යුතු ආහාර

බ්ලුබෙරි, බැක්බෙරි, ස්ට්‍රොව්බෙරි, කැන්බේරි, රාස්බේරි මේවා ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන අතර ආහාරයට ගැනීම සුදුසුයි.

ඇපල් ප්‍රතිඔක්සිකාරකවලින් ඉතා පොහොසත්ය.

වට්ටක්කා, බ්‍රේකලි වැනි එළවළු ඉඟුරු, සුදුලූනු භාවිතය.

නිසි උපදෙස් මත ව්‍යායාමවල නිරත වීම.

ආහාරවලට අමතරව මනසේ සන්සුන්කම, නිරවුල්භාවය ඉතා වැදගත්ය.

හෝමියෝපති ප්‍රතිකාර

මෙම ‘ඔටෝඉමියුන්’ රෝග තත්ත්වයට වැටෙන රුමටොයිඩ් ආතරයිටිස් වැනි රෝගවලට නිට්ටාවට සුවකිරීමට නිශ්චිත ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොමැත. එම ප්‍රතිකාර මගින් සමහර රෝග තත්ත්වයන් හා සංකූලතාවයන් පාලනය කළ හැක. රෝග මූලය වර්ධනය සමග සදාකාලින විඳවීම උරුම වී ඇත. නමුත් හෝමියෝපති ප්‍රතිකාර තුළ එහි සිද්ධාන්තයට අනුකූලව දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය යළි පිළිසකර කරවීම සිදුකරයි. රෝග ලක්ෂණයට අදාළ වූ නිවැරදි ඖෂධ නිවැරදිව තෝරා ප්‍රතිකාරය සිදුකිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය වී යළි යථාතත්ත්වයට පත්වී රෝග මූලය නැතිකර දමනු ඇත. එමගින් කිසිදු වේදනා නාශකයක් නොදී රෝගීන්ගේ සන්ධි අතර ඉදිමුම, වේදනාව, විකෘතිභායවන් ක්‍රම ක්‍රමයෙන් නැතිවී යයි.

තවද වයස අනුව ගෙවුණු කාටිලේජ වර්ධනයට බලපාන කොස්, දෙල්, වම්බටු, මෑකරල්, මුංඇට, කව්පි, මඤ්ඤොක්කා, අල, පරිප්පු නොගත යුතුයි. හෝමියෝපති ඖෂධීය ආලේපන වන Artheritic Cure හා Varicose Cure, ඖෂධීය ක්‍රියාකාරීත්වය කාටිලේජ වර්ධනය වීමටත් අස්ථි, පේශි, නහර, ස්නායු කන්ධරා බන්ධනවල වෙනස්කම් යළි යථා තත්ත්වයට ගෙන ඒමටත් මහත් සේ උපකාර වනු ඇත.

කෙදිනකවත් සුවය නොලැබෙයි සිතූ ඔබට රුමටොයිඩ් ආතරයිටිස් මෙන්ම, ‘ඔටෝඉමියුන්’ අනෙකුත් රෝගවලටද හෝමියෝපති ප්‍රතිකාරවල අන්තර්ගත ඖෂධීය ක්‍රියාදාමය ඔබට ස්ථිර වූ සුවය සදාකාලයටම උරුම කර දෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 071 8250716 / 0718250717 ඇමැතිය හැකිය.

රුමටොයිඩ් ආතරයිටිස් යනු Autoimmune රෝගයක්ද?

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment