රුසියානු හමුදාවට මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් නෑ

1

රුසියාවේ හමුදා සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම මින් ඉදිරියට සිදු නොකරන බවට රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැච්රොඩ් මහතා මෙරට විදේශ ඇමැති අලි සබ්රි මහතාට පොරොන්දු වී ඇත.

බි්‍රක්ස් විදෙස් අමාත්‍ය සැසිවාරයට සහභාගි වීමට රුසියාවට ගොස් සිටින මෙරට විදේශ ඇමැතිවරයා සමග පෙරේදා (10දා) ද්වීපාර්ශ්වික සාකච්ඡාවට එක්වෙමින් රුසියානු විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ වනවිට රුසියානු හමුදාව හා එක්ව සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා අදහස් දක්වා ඇති අතර, ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස රුසියානු විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ලබන 26 – 27 දෙදින තුළ පැවැත්වීමට නියමිත ඉදිරි රැස්වීමකදී ද මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවට පැමිණීමට තීරණය කර තිබේ.


සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment