රුසියා යුද පෙරමුණේ අපේ සෙබළු අතුරුදන්

84

රුසියාව සහ යුක්‍රේනය අතර සිදුවන යුද්ධයේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සිටි ශ්‍රී ලංකාවේ හිටපු හමුදා භටයන් 330 දෙනෙකුගෙන් වැඩි දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදේශ ඇමැති අලි සබ්රි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

මේ පිළිබඳව එම සටන් බිමේ සිටින හමුදා සෙබළුන්ගේ පවුල්වල උදවියගෙන් දැනගැනීමට ලැබුණු බවද ඔහු කීය. තමන් සියලුදෙනාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස දැනටමත් එම යුද පෙරමුණේ සිටින භටයන් ඔවුන්ගේ පවුල්වලට කියා ඇතැයි ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ රුසියන් තානාපතිවරයා සමග මේ පිළිබඳව විදේශ අමාත්‍යාංශය කළ විශේෂ කතාබහකින් පසු එම යුද්ධය නිසා අසරණ වූ හිටපු හමුදා භටයන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා දීමට පියවර ගන්න බවට එකඟ වී තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment