යාපනයේ අපරාධ රැල්ල වහා නතර කරන්න… උතුරේ ආණ්ඩුකාරවරියගෙන් ආරක්ෂක අංශවලට නියෝග

701

යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලූම ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට පෙරේදා (30 දා* දැනුම් දී තිබේ.

යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවන බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය වන පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය තමන් ඒ ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බවද ප‍්‍රකාශ කොට තිබේ.

යාපනයේ අපරාධ සිදු කරන කොටස් බේරී පලා ගොස් දකුණු ප‍්‍රදේශයේ සැඟ වී සිටින බවත්, මෑතකදී එවැනි පිරිසක් අත්අඩංගුවට ගැනීම තුළින් පෙනී යන්නේ මේ අපරාධ සිදු කරන පිරිස තවත් පිරිස් සමග අපරාධ ජාලයක් ඇති කරගෙන ඇති බවද ආණ්ඩුකාරවරිය සඳහන් කරයි.

යාපනයේ ජනතාව මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ඉතා කඩිනමින් ලබාදෙන මෙන් ඉල්ලා සිටින උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඒ සඳහා ජනතාවට 0777229338, 0768095139 යන දුරකතන අංකයන් දෙකද ලබා දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment